×

ප්‍රතිඵල නිකුත් වෙමින් තිබියදී ට්‍රම්ප් ජයග්‍රහණය ප්‍රකාශයට පත් කරයි

තවදුරටත් ඡන්ද ගණන් කෙරෙමින් තිබියදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය ජයග්‍රහණය ප්‍රකාශයට පත් කර තිබේ.


දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය අනුව ඉලෙක්ට්‍රෝරල් කොලෙජ් තුළ බයිඩන් 236-213 ලෙස ඉදිරියෙන් සිටියත්, ට්‍රම්ප් ප්‍රකාශ කරන්නේ තමන් නියත වශයෛන්ම ජයගන්නා බවයි.

ඒ අතරම මැතිවරණ වංචාවක් ගැන ද ඔහු පදනම් විරහිත චෝදනාවක් කර තිබෙන්නේ, ඡන්ද පෙට්ටි වසා දැමූ පසු ඡන්දය ප්‍රකාශ කළ නොහැක යනුවෙනි.

ධවල මන්දිරයේදී හදිසියේ ජාතිය අමතමින් ට්‍රම්ප් මේ බව පැවසුවේය.

කෙසේ වෙතත්, ප්‍රකාශයට පත් වීමට නියමිතව තිබෙන්නේ අතිශය තීරණාත්මක ජනපද හෙවත් බැට්ල්ග්‍රවුන්ඩ් ස්ටේට්ස්වල අවසන් ප්‍රතිඵලයන් ය.

ඉතා තීරණාත්මක ජනපදයක් ලෙස සැලකෙන ෆ්ලොරිඩා ජනපදය ද ට්‍රම්ප් විසින් මීට සුළු වේලාවකට පෙර ජයග්‍රහණය කළේ, බයිඩන්ගේ පසුබැස්මක් ඇති කරමිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි