×

පාකිස්ථානයේ අධික වර්ෂාව හේතුවෙන් මිය යන ලද සංඛ්‍යාව 300 ඉක්මවයි.

දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයට (IPCC) අනුව දේශගුණික අර්බුදයන්ගෙන් දරුණු ලෙස පීඩාවට පත් වනු ඇතැයි අපේක්ෂා කරන රටවල් අතර ඉන්දියාව සහ පාකිස්තානය ඉදිරියෙන්ම සිටින බව වාර්තා වේ.


පාකිස්ථානයේ ජාතික ආපදා කළමනාකරණ අධිකාරියට අනුව අධික වර්ෂාවෙන් පුද්ගලයන් 300 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව වාර්තා වේ.

පසුගිය ඉරිදා රාත්‍රියේ සිට පාකිස්ථානයේ විශාලතම නගරය වන කරච්චි නගරයට මිලිමීටර් 60 (අඟල් 2.3)කට වඩා වැඩි වර්ෂාපතනයක් පතිත වෙමින් පවතින අතර එය පැය කිහිපයක් ඇතුළත මුළු මාස ​​ගණනක වර්ෂාපතනයට සමාන වූ බව රජයේ ආරංචි මාර්ග නිවේදනය කර තිබේ. දේශගුණික විපර්යාස අමාත්‍ය ෂෙරී රෙහ්මාන් විසින් නගර 14කට වැඩි ප්‍රමාණයක පදිංචිකරුවන්ට හදිසි ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. ධාරානිපාත වර්ෂාවත් මාරාන්තික හදිසි ගංවතුර සහ යටිතල පහසුකම් වලට හානි සිදු වීමත් හේතුවෙන් මේ වන විට අවම වශයෙන් 15 දෙනෙකුවත් මිය ගොස් ඇති බව අනාවරණය වේ. මේ වන විට නගරයේ සියලුම මහජන සේවා නතර කර ඇති අතර ව්‍යාපාර ස්ථාන වසා දමන ලෙස රජය විසින් නිවේදනය කර තිබේ.


සින්ද් පළාතේ අගනුවර වන කරච්චියේ සහ මිලියන 16 කට ආසන්න ජනතාවක් වාසය කරන අතර, මුළු අසල්වැසි ප්‍රදේශම අර්ධ වශයෙන් ජලයෙන් යටවී ඇත. පාලම්, මහාමාර්ග සහ මාර්ග ඇතුළු යටිතල පහසුකම් වලට හානි සිදුවී ඇති අතර, ගමනාගමනයට බාධා ඇති වී තිබේ. කරච්චියේ ධනය හා සංවර්ධනයේ විෂමතා පවතින අතර, ලෝක බැංකුවට අනුව එහි පදිංචිකරුවන්ගෙන් 50%කට අවිධිමත් ජනාවාසවල ජීවත් වන අතර ඔවුන් යටිතල පහසුකම් දේශගුණය ආශ්‍රිත ව්‍යසනවලට බෙහෙවින් ගොදුරු වේ. නගරය තුළ දුර්වල ගංවතුර කළමනාකරණය සහ අකාර්යක්ෂම ආපදා ප්‍රතිචාරය හේතුවෙන් අර්බුදය උග්‍ර වී ඇති බව විශේෂඥයෝ පවසති.

දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්ඩලයට (IPCC) අනුව දේශගුණික අර්බුදයන්ගෙන් දරුණු ලෙස පීඩාවට පත් වනු ඇතැයි අපේක්ෂා කරන රටවල් අතර ඉන්දියාව සහ පාකිස්තානය ඉදිරියෙන්ම සිටින බව වාර්තා වේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි