×

පාකිස්ථානය TikTok බ්ලොක් කරයි!

පාකිස්ථානය TikTok යෙදවුම සිය රට තුළ අවහිර කර තිබේ.


ඒ සඳහා මූලිකත්වය ගත් පාකිස්ථාන ටෙලිකොම් බලධාරීන් පවසන්නේ TikTok මගින් අසභ්‍ය අන්තර්ගතයන් (vulgar content) ප්‍රචාරණය කරන බවට ලැබුණු පැමිණිලි මත මෙසේ සිදුකළ බවයි.

ඒවා ‘නීතිවිරෝධී අන්තර්ජාල අන්තර්ගතයන්‘ ලෙස ද ඔවුන් විසින් දක්වා තිබේ.

චීනයේ නිර්මාණයක් වන vulgar content, මේ වසරේදී රටවල් ගණනාවක් විසින් විවේචනය කර තිබිණි. ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව ඒ අනුව මෙම යෙදවුම රට තුළ භාවිතය තහනම් කිරීමට කටයුතු කළේය.

මේ අතර දැනට තහනමක් නොව ‘අවහිර කිරීමක්‘ (බ්ලොක් කිරීමක්) පමණක් සිදුකර ඇති පාකිස්ථාන බලධාරීන් පවසන්නේ පසුගිය ජූලි මාසයේදී TikTok සමාගම වෙත සිය අවසන් අනතුරු ඇඟවීම නිකුත් කළ බවයි.

එම ප්ලැට්ෆෝම් එක තුළ ෂෙයා කර ගන්නා අන්තර්ගතය අධීක්ෂණයට (මොඩරේට්) ලක් කළ  යුතු බව එහිදී ඔවුන් විසින් TikTok සමාගම වෙත දැනුම් දී තිබිණි. ජූලි මාසයේදීම පාකිස්ථාන විදුලි සන්දේශ කොමිෂන් සභාව වෙත සිය පිළිතුර යවමින් TikTok සමාගම පවසා තිබුණේ ‘ඒ අනුව වීඩියෝස් මිලියන 3.7 ක් ඉවත් කිරීමට කටයුතු කළ බව‘ යි.

ඉන්දියාව පසුගිය ජූනි මාසයේදී TikTok ඇතුළුව තවත් ජංගම දුරකථන යෙදවුම් 150කට වැඩි සංඛ්‍යාවක් තහනම් කර දැමුවේ ඒවා ‘රටේ ස්වාධිපත්‍යයට සහ ඒකීිය භාවයට තර්ජනයක් වන බව‘ පවසමිනි. රටේ සහ මහජනතාවගේ ආරක්ෂාවට එය තර්ජනයක් බව ද වැඩිදුරටත් ප්‍රකාශ විණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි