×

පාකිස්ථාන හමුදා ප්‍රකාශකට ජිහාඩ් සංවිධානයකින් උණුසුම් පිළිගැනීමක් – ඉන්දියාව සීරුවෙන්

පාකිස්ථාන හමුදාවේ ප්‍රධාන හමුදා ප්‍රකාශක වෙත, අපකීර්තිමත් ජයිෂ්-ඉ-මොහොමද් (JeM) නමැති ජිහාඩ් සංවිධානය වෙතින් උණුසුම් පිළිගැනීමක් ලැබුණු බව වාර්තා වීමත් සමග ඉන්දියාව නොසන්සුන් වී තිබේ.


දෙසැම්බර් 27 වැනිදා හමුදා ප්‍රකාශක මේජර් ජනරාල් අසිෆ් ඝාෆූර්, කරච්චි නුවර අපකීර්තිමත් ජමියා රෂිදියා මද්රාසාව වෙත ගියේය.

එය, ජිහාඩ් සබඳකම් ඇතැයි සැලකෙන JeM සංවිධානයේ තිප්පොළක් ලෙස සැලකේ.

එහිදී මේජර් ජනරාල්වරයා හට ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.

2002 වසරේ වෝල් ස්ට්‍රීට් ජර්නල් හි වාර්තාකරු ඩැනියෙල් පර්ල් පැහැරගෙන මරා දැමූ බවට චෝදනා ලැබුවේ මෙම JeM සංවිධානයයි.

මේජර් ජනරාල් ගෆූර් සාමාන්‍යයෙන් ඉතා උනන්දුවෙන් සමාජ මාධ්‍ය භාවිතා කරන්නෙකු වූ නමුත් මෙම සංචාරය ගැන කිසිවක් සිය සමාජ මාධ්‍ය වල පළ නොකිරීමට ද ප්‍රවේශම් වී තිබිණි. නමුත් ට්විටර් හි ඔහු විසින් පළ කර තිබූ එකම එක ඡායාරූපයක් මාධ්‍ය විසින් නිරාවරණය කිරීමත් සමග මේ පිළිබඳ විශාල ආන්දෝලනයක් ඇති විය.

මෙහිදී පාකිස්ථාන හමුදා ප්‍රකාශකවරයා සිටින්නේ මුෆ්ති මොහොමඩ් රෂීඩ් විසින් පිහිටුවනු ලැබු සෙමෙනේරියක සිසුන් පිරිසක් පිරිවරාගෙන ය. මුෆ්ති මොහොමද් අල් රෂීඩ්, අල් රෂීඩ් භාරය නමැති සංවිධානයේ නිර්මාතෘවරයා ය. මෙම සංවිධානය ඇමරිකා එක්සත් ජනපදය සහ ජගත් සංවිධානය විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර තිබේ.

2002 වසරේදී ඝාතනය කරනු ලැබූ වෝල් ස්ට්‍රීට් මාධ්‍ය වේදියාගේ මළ සිරුර හමුවී තිබුණේ ද අල් රෂීඩ් භාරයට අයත් ඉඩමක තිබී ය.

අල් රෂීඩ් භාරයට අල් කයිඩා සංවිධානය සමග ද සබඳකම් ඇති බවට සැක කෙරේ.

ගතවූ වසර කිහිපය තුළ පාකිස්ථාන හමුදාව, ජිහාඩ් කණ්ඩායම් සමග සමීප සබඳතා පැවැත්වීම අතහැරියේ බටහිර රටවල සහ ඉන්දියාවේ බලපෑම් හේතුවෙන් බව විචාරකයෝ කියති.

මෙම සිද්ධිය සැළවීමත් සමග ඉන්දීය හමුදා නිලධාරියෙක් සිය නම හෙළිනොකරමින් හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ, ‘‘මෙය කණගාටුදායක දෙයක්. අවදානමක පෙර ලකුණු අපට හැඟෙනවා. පාකිස්ථාන හමුදාවේ ජිහාඩ් ව්‍යාපෘතිය සමාලෝචනයට ලක් කරලා වගෙයි..!“



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි