×

පාප්වහන්සේ ඉරාකයේ සංචාරයක

මෙම සංචාරය මුස්ලිම් ලෝකය සමඟ සබඳතා ගොඩනගා ගැනීමට වතිකානු රාජ්‍ය ගෙනයනු ලබන වැඩපිළිවෙළට පාළමක් වනු ඇති බවට බහුතරයකගේ විශ්වාසයයි.


 

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ඉරාකය වෙත සිදුකරනු ලබන සංචාරය ඊයේ දින ආරම්භ විය. මෙහි විශේෂත්වය වන්නේ උන්වසන්සේ ඉරාකය බලා යන ප්‍රථම අවස්ථාව මෙය වීමයි. එමෙන්ම කොරෝනා වසංගතයෙන් පසුව පාප් වහන්සේ නිරත වන ප්‍රථම විශෙස් සංචාරයද මෙයයි.

පාප්තුමා ආරක්ෂා කිරීම සඳහා ඉරාක ආරක්ෂක හමුදා භටයන් 10,000 ක් පමණ යොදවා ඇති අතර, කොවිඩ් පැතිරීම සීමා කිරීම සඳහා පැය 24 පුරා ඇඳිරි නීතිය පනවා තිබේ.

ඉරාකයේ අගමැති මුස්තාපා අල්-කද්මි පාප් වහන්සේව ගුවන්තොටුපොළේ දී රතු පලස මතින් පිළිගත් අතර පාප්තුමාගේ රථය නගරයට පිටත්ව යන විට සිය ගණනක් ජනයා ගුවන්තොටුපල පාරට පෙලගැසී සිටියහ.

ඉරාක කලාපයේ සුළුතරයක් වූ ක්‍රිස්තියානි බැතිමතුන්ට අධ්‍යාත්මික මෙන්ම මානසික ශක්තික් ලබා දීම අරමුණු කර ගෙන මෙම සංචාරය සිදුකරනු ලබන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම සංචාරය මුස්ලිම් ලෝකය සමඟ සබඳතා ගොඩනගා ගැනීමට වතිකානු රාජ්‍ය ගෙනයනු ලබන වැඩපිළිවෙළට පාළමක් වනු ඇති බවට බහුතරයකගේ විශ්වාසයයි.

[embedyt]https://youtu.be/2616xnFuNfY[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි