×

පැහැදිලි කළ නොහැකි අරුම පුදුම

දිල්ලි නගරයේ ප්‍රකට යකඩ ද්වාරය වසර 1600කට පසුත් එදා මෙන්ම සවිමත් ව පවතියි. එයට හේතුව විද්‍යාඥයෝ අදටද නොදනිති.


1.දමස්කස් අසිපත්වල තියුණු මුවහත ගල් හෝ පාෂාණ දෙපලු කිරීමෙන් පසුවද ඒ ආකාරයටම පවතියි. ගැටලුව වන්නේ ක්‍රි.පූ. 800 තරම් ඈත අතීතයේදී ඒවා නිෂ්පාදනය කළේ කෙසේද යන්නයි.

2. දිල්ලි නගරයේ ප්‍රකට යකඩ ද්වාරය වසර 1600කට පසුත් එදා මෙන්ම සවිමත් ව පවතියි. එයට හේතුව විද්‍යාඥයෝ අදටද නොදනිති.

3. කොස්ටාරිකා හි තිබෙන යෝධ පාෂාණ ගෝල 19 වන සියවසේ අග භාගයේදී සාදන ලද ඒවා වන අතර අදටත් 300ක් පමණ දැකිය හැක. ඒවා අතරින් විශාලතම ගෝලය ටොන් 16ක් හෙවත් කිලෝ 14500ක් විශාල ය. ඒවායේ සමමිතිය මෙතරම් නිවැරදි වූයේ කෙසේදැයි අදද ලෝකය මවිතයට පත්වෙයි.

4. කඳුකරයේ සිට ජලාශයක් වෙත දිවෙන පාෂාණමය නාල පද්ධතියක් චිිනයේ ගුහා පද්ධතිය ආශ්‍රිතව දැකගත හැක. ඒවා පිටසක්වළ ජීවීන්ගේ නිර්මාණ බවටද සැකයක් තිබේ.

අඟල් 5ක් උස මැටි බඳුනකට බහාලූ යකඩ යෂ්ටියකින් සමන්විත ‘බැග්ඩෑඞ් බැටරිය’ මුලින්ම නිර්මාණය කෙරුණේ ක්‍රි.පූ. 200 යුගයේය. ඇලෙක්සැන්ඩ්‍රා වෝල්ටා විදුලි කෝෂය සොයාගත්තේ එයට වසර 2000කට පසුවය.

5. ඇන්ටිකිතේරා යාන්ත්‍රණය මගින් තාරුකාවල ගමන් මග නිරීක්ෂණය කෙරුණේ වසර 2000ක් පැරණි, නූතන පරිගණකයට සමාන තඹ යන්ත්‍රයක් මගිනි.

6. පහළොස්වැනි සියවසේදී වොයිනිච් අත්පිටපත ලියා තිබෙන්නේ අදටත් සොයාගත නොහැකි භාෂාවකිනි. පිටු 240 ක් පුරා දිවෙන සංකීර්ණ රූප සටහන් ආදියෙන් සමන්විත එය ව්‍යාජයක් නොවන බවද විශ්වාස ය.

7. හෂීස්,කොකේන් සහ දුම්කොළ ඊජිප්තු මමි නවයකින් පමණ එදාමෙදාතුර සොයාගෙන තිබේ. නමුත් විශ්වාස කෙරුණේ දුම්කොළ සොයාගැනීම සිදුවුණේ මිසර මමි සංස්කෘතියෙන් වසර 2000කට පසු බවයි.

8. අඟල් 5ක් උස මැටි බඳුනකට බහාලූ යකඩ යෂ්ටියකින් සමන්විත ‘බැග්ඩෑඞ් බැටරිය’ මුලින්ම නිර්මාණය කෙරුණේ ක්‍රි.පූ. 200 යුගයේය. ඇලෙක්සැන්ඩ්‍රා වෝල්ටා විදුලි කෝෂය සොයාගත්තේ එයට වසර 2000කට පසුවය.

9. 1932 වසරේදී බ්‍රසීලයේ සැන් පෙඩ්‍රෝ කඳුකරයෙන් අඟල් 14ක් හෙවත් සෙන්ටිමීටර 35ක් උස මමියක් සොයාගැනිණි. එය සැබෑවක් බව ස්වභාව කෞතුකාගාරය මගින්ද සහතික කරන ලදී. නමුත් මමිය පසුව අතුරුදන් විය.

10. මයික්‍රොනීසියාවේ කොරල්පරයක් මත කෘතිම දුූපත් සිය ගණනක් නිර්මාණය කර ඇත. ඒවා සාදා තිබෙන්නේ ක්‍රි.පූ. 200 සියවසේදී ය. ඒවා කවුරුන් විසින් කුමක් සඳහා සෑදුවේද යන්න අදටද අබිරහසකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි