×

පිරිමින්ට තහනම් දූපතක්

කාන්තාවන්ට පමණක් ඇතුල් විය හැකි එයට එයට නම තබා ඇත්තේ සුපර්ෂී අය්ලන්ඞ් යනුවෙනුයි.


ඔබ වොන්ඩර් වුමන් චිත්‍රපටය නරඹා ඇත්නම් ඔබ කාන්තාවන් පමණක් සිටින දූපතක ජීවිතයේ ටික දිනක් හෝ නිදහසේ ඉන්නට සිහින දකිනවානම් ඒ සිහිනය සැබෑ වන දින දුරක නැතග ක්‍රිස්ටිනා රෝත්, ව්‍යාපාරිකාවක් වන ඈ පිරිමින්ට තහහනම් කාන්තාවන්ට පමණක් ඇතුල් විය හැකි දූපතක් නිර්මාණය කරමින් සිටිනවා. ඈ එයට නම තබා ඇත්තේ සුපර්ෂී අය්ලන්ඞ් යනුවෙනුයි.

මම ඇත්තටම ජීවත් වන්නේ සහ හුස්ම ගන්නේ, රැකියාව කරන්නේ පිරිමින් විසින් යටපත් කරනු ලැබූ පාලනය කරනු ලැබූ ලෝකයකයි.

ඈ පවසන්නේ කාන්තාවන්ට පීඩාකාරී සමාජයෙන් හා වටපිටාවෙන් මිදී සිය නිවාඩුව සුවපහසුව ගෙවා දමන්නට මෙම දූපතේදී හැකි වනු ඇති බවයි. මෙම දූපතේ සුඛෝපභෝගී කාමර සහ ව්‍යායාම් ඒකකද, අනෙකුත් පහසුකම්ද සහිතව නිර්මාණය වෙමින් පවතිනවා. ක්‍රිස්ටිනා රෝත් සුපර්ෂී බ්ලොග් අඩවියේද හිමිකාරිය වන අතර ඒම බ්ලොග් අඩවිය විසින් සිදු කරන්නේද කාන්තාවන් එකිනෙකාට සිය අදහස් මිත්‍රශීලී ලෙස හුවමාරු කර ගැනීම සඳහා ඉඩ දීමයි. මම ඇත්තටම ජීවත් වන්නේ සහ හුස්ම ගන්නේ, රැකියාව කරන්නේ පිරිමින් විසින් යටපත් කරනු ලැබූ පාලනය කරනු ලැබූ ලෝකයකයි.

ඇය තමන් සිය ව්‍යාපාරය ආරම්භ කිරීමට හේතුව ගැන එසේ සඳහන් කරන්නීය. ඇය මෙම දූපත මිලට ගනු ලබන්නේ ඇගේ පෙම්වතා විසින් ෆින්ලන්තයේ ඇති සුන්දරත්වය ගැන කළ වර්ණනාවක ප්‍රතිඵලයක් ලෙසය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි