×

පුටින්ගේ සමීපතමයකු වන ඩාරියා ඩුගින් මිය යයි.

"පුටින්ගේ මොළය" ලෙස හැඳින්වෙන රුසියානු දාර්ශනික ඇලෙක්සැන්ඩර් ඩුගින්ය.


රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සමීපතම සගයකුගේ දියණිය මොස්කව් නගරයේදී ඝාතනය කර ඇතැයි වාර්තා වේ. ඇය ඩාරියා ඩුගින්ය.

ඩාරියා ඩුගින් රුසියානු ආක්‍රමණයට සහාය දුන් ප්‍රකට මාධ්‍යවේදියෙකු සහ විචාරකයෙකු විය. ඇගේ පියා, “පුටින්ගේ මොළය” ලෙස හැඳින්වෙන රුසියානු දාර්ශනික ඇලෙක්සැන්ඩර් ඩුගින්ය. ඔහු අන්ත ජාතිවාදී මතදාරියෙක් ලෙස හැඳින්වේ. ඔහු මෙම බෝම්බ ප්‍රහාරයට ඉලක්ක වූවාදැයි පැහැදිලි නැත. කෙසේ නමුත් රුසියානු ප්‍රාදේශීය මාධ්‍යන්ට අනුව ඇය නිවසට යමින් සිටියදී ඇගේ මෝටර් රථය ගින්නෙන් පුපුරා ගොස් ඇත.

පියා හා දියණිය යන දෙදෙනාම රුසියාවේ යුක්රේනය ආක්‍රමණය සමඟ සමීපව සම්බන්ධව කටයුත් කරන අතර යුක්රේනය රුසියානු ආක්‍රමණයට අදාළව අන්තර්ජාලය හරහා “වැරදි තොරතුරු” ප්‍රචාරය කිරීමේ චෝදනාව මත එක්සත් රාජධානියේ බලධාරීන් විසින් ඩාරියා ඩුගින් වැරදිකරු බවට පත්කර ඇත.

කෙසේ නමුත් මේම අනතුර සම්බන්ධයෙන් රුසියානු බලධාරීන් කිසිදු නිල ප්‍රකාශයක් ලබා දී නොමැත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි