×

පුටින්ටත් බලය අහිමි වෙන දවසක් එනවා – බයිඩන් පෝලන්තයේදී කියයි

නේටෝ රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා යුරෝපයට පැමිණි, ඇමරිකානු එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මහතා ඊයේ පෝලන්තය වෙත පැමිණියේය. ඔහු පෝලන්ත - යුක්රේන දේශසීමාවේ රැඳී සිටින ඇමරිකානු සෙබළුන් හමුවීමටද කටයුතු කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.


බයිඩන් ජනාධිපතිවරයා පෝලන්තයේ අගනුවර වන වෝර්සෝහිදී යුක්රේන අමාත්‍යවරුන් පිරිසක්ද හමු වී තිබෙනවා. මෙම හමුව සඳහා යුක්රේන විදේශ අමාත්‍යවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා සහභාගි වී තිබේ.

මීට අමතරව යුද ගැටුම් හේතුවෙන් පෝලන්තයට පළා ආ යුක්රේන සරණාගතයන් පිරිසක් හමු වී ඔවුන්ගේ සුවදුක් විමසීමටද බයිඩන් කටයුතු කර තිබේ.

පෝලන්තයේදී පැවති සාකච්ඡාවලදී ඔහු පවසා තිබෙන්නේ පුටින්ට සැමදා බලයේ සිටිය නොහැකි බවයි. ඔහුටද බලය අහිමි වන දවසක් පැමිණෙන බවත්, ඉන්පසු ඔහු සිදු කරන යුද අපරාධවලට වන්දි ගෙවීමට සිදුවන බවත් බයිඩන් සඳහන් කරනවා.

රුසියාව මේ වනවිට ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් උල්ලංඝනය කරමින් සිටින බවටද එක්සත් ජනපද නායකයා චෝදනා කරනවා.

ඔහු වැඩිදුරටත් පවසා තිබෙන්නේ පවතින යුද ගැටුම් මාස කිහිපයක් තුළ අවසන් වෙතැයි අපේක්ෂා කළ නොහැකි බවයි.

බයිඩන්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ක්‍රෙම්ලිනය පවසා තිබෙන්නේ පුටින් බලයේ සිටිනවාද නැද්ද යන්න තීරණය කරන්නේ ඇමරිකානු ජනාධිපතිවරයා නොව රුසියානු ජනතාව විසින් බවයි.

UN



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි