×

පුටින්ට උපන්දින තෑගි – ”සියවසේ ඉදිකිරීම” පුපුරවා හැරේ.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ 70 වැනි වියට පා තැබූ දිනකට පසුව, මෙම පිපුරුම සංවිධානය කර ඇති අතර එය දැවැන්ත අවමානයක් ලෙස රුසියානුවන් සලකනු ඇති බව වාර්තා වේ.


රුසියාවේ සිට යුක්රේනයේ ක්‍රිමියාව බලා යන පාලම මත අද දිනයේ සිදු වූ ලොරි රථයක දැවැන්ත පිපිරීමක් හේතුවෙන් පුද්ගලයන් තිදෙනකු ජීවිතක්ශයට පත්ව ඇති බව රුසියානු රාජ්‍ය මාධ්‍ය විසින් නිවේදනය කර තිබේ.

මෙම පිපුරුම හේතුවෙන් ගමනාගමනයට බාධා ඇති වී ඇති අතර, ක්‍රිමියානු අර්ධද්වීපය බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක ඉන්ධන ටැංකි හතක් ද ගින්නෙන් විනාශව ඇත. මෙම පාලම 2014දී රුසියානු රජය විසින් යුක්රේනයෙන් ඈඳා ගනු ලැබූවක් වන අතර රුසියාවේ සිට දකුණු යුක්රේනයේ යුධ පිටියට හමුදා උපකරණ, පතොරම් සහ පිරිස් රැගෙන යාමට රුසියාව මෙම පාලම භාවිතා කර ඇත. රුසියාවේ ජාතික ත්‍රස්ත විරෝධී කමිටුව විසින් මේ පිළිබඳව විමර්ශන කටයුතු කරන අතර මෙම පාලම යුක්රේනියානුවන් විසින් දැඩිලෙස පිළිකුල් කරන ලද්දකි.

ප්‍රහාරයේ වගකීම රුසියාව විසින් යුක්රේනයට පවරන අතර ඔවුන් එහි වගකීම තවම බරගෙන නොමැත. නමුත් යුක්රේන ජනාධිපතියේ උපදේශකයකු වන Mykhailo Podolyak මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ නීති විරෝධී සෑම දෙයක්ම විනාශ කළ යුතු බවත්, සොරකම් කළ සියල්ල නැවත යුක්රේනයට ලබා ගෙන, රුසියාව විසින් අල්ලාගෙන සිටින සියල්ල නෙරපා හැරිය යුතු බවයි.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ 70 වැනි වියට පා තැබූ දිනකට පසුව, මෙම පිපුරුම සංවිධානය කර ඇති අතර එය දැවැන්ත අවමානයක් ලෙස රුසියානුවන් සලකනු ඇති බව වාර්තා වේ. ක්‍රිමියානු පාර්ලිමේන්තු කථානායක ව්ලැඩිමීර් කොන්ස්ටන්ටිනොව් මෙම පිපිරීම සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ සිවිල් යටිතල පහසුකම් විනාශ කිරීම යුක්රේනයේ ත්‍රස්තවාදී ස්වභාවයට සාක්ෂියක් බවයි.


මෙම පාලම කිලෝ මීටර් 19ක් දිගින් යුතුවන අතර පාලමක් ඉදි කිරීමට පවුම් බිලියන 2.7ක් වැය වූ බව වාර්තා වේ. මෙය යුරෝපයේ දිගම පාලම වන අතර රුසියානු මාධ්‍ය විසින් එය සියවසේ ඉදිකිරීම් ලෙස නම් කර තිබිණි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි