×

පුටින්, ඩ්‍රැකියුලා සහ ඝෝර ඉවාන්

2020 ජනවාරි මාසයේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්, තමන් කැමති කාලයක් රුසියාව පාලනය කළ හැකි වන පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කළේය.


 එතැන් පටන් ඔහුව ලෝකයේ හැඳින්වෙන්නේ ‘‘Vlad the indefinite‘‘ යනුවෙනි.

කවුද මේ Vlad – ව්ලැද්?

ලෝකයා දන්නා ජනප්‍රියම ව්ලැද් වන්නේ ‘ව්ලැද් ද ඉම්පාලර්‘ (Vlad the Impaler) නොහොත් ඩ්‍රැකියුලා සිටුවරයා ය. ඔහු 15 වන සියවසේ රොමේනියාවේ ප්‍රභූ පාලනයක් ගෙන යමින් ජනතාවගේ ලේ උරා බීවේය. ඔහු සැබවින්ම මිනිසුන්ගේ ගෙළ විකා ලේ බී ශක්තිය ලබන්නෙකු ලෙස පුරාවෘත්තවල සඳහන් ය.

ඉතින් පුටින් තවත් ඩ්‍රැකියුලා සිටුවරයෙකු වීමට යන්නේද? එය නිශ්චිතවම කිව නොහැකි නමුත් ‘‘Vlad the indefinite‘‘යන යෙදුම අපට සිංහලයට පරිවර්තනය කරන්නට සිදුවන්නේ ‘අවිනිශ්චිත සිටුවරයා‘ යනුවෙනි. එයට හේතුව, මේ ව්ලැද් හෙවත් රුසියානු සිටාණෝ, රුසියාව පාලනය කරන්නට යන්නේ තමන් කැමති කාලයක් සඳහා ය. එනිසා ඔහුගේ පාලන සමය ‘‘indefinite‘‘ හෙවත් ‘අවිනිශ්චිත‘ වනු ඇත. එනිසා අපි ඔහුට ‘අවිනිශ්චිත සිටාණෝ‘ යැයි කියමුද…?

‘අවිනිශ්චිත සිටාණෝ‘

1969 ජූනි 16 දා අජටාකාශයට ගිය පළමු ගැහැණිය වන වැලන්ටිනා තෙරස්කෝවා දැන් පුටින්ගේ පාර්ලිමේන්තුවේ සෙලිබ්‍රිටි මන්ත්‍රීවරියකි. ඉතින් ඇය අවිනිශ්චිත සිටාණෝ විසින් ගෙන ආ මේ අති ප්‍රජාතන්ත්‍ර විරොධී ව්‍යවස්ථාවට අතිශය අසීරුවෙන් ව්‍යවස්ථා සංශෝධනයක් යෝජනා කළාය. එයින් පෙර පරිදිම නොකඩවා වාර 2 ක් ජනපති පදවිය හෙබවූ අයෙකුට නැවත ජනපති බවට පත්වීම වැළැක්වෙයි.

ජනපති පුටින් ගේ මෙවර ධුර කාලය අවසන් වන්නේ 2024 නි. එවිට මේ සංශෝධනය අනුව පුටින්ට නව ව්‍යවස්ථාව යටතේ උපරිම වශයෙන් තවත් හය අවුරුදු කාලසීමා 2 ක්, එනම් වසර 12 ක් රුසියාව පාලනය කිරීමට ඉඩ ලැබෙනු ඇත. මෙය මෙසේ වේ යැයි ලෙහෙසියෙන් උපකල්පනය කළ හැක්කේ, ඒ මැතිවරණ දෙකෙන්ම ද ඔහු නියත ජයක් ලබතැයි සිතිය හැකි නිසා ය.

කෙසේ වෙතත්, වසර 2024 සිට වසර 12 ක් යනු වසර 2036 යි. එය 2020 වසරේ සිට නම් වසර 16 කි. ඒ වන විට පුටින්ගේ වයස අවුරුදු 83 ක් වනු ඇත. එ් වන විට ඔහු රුසියාව එක දිගට වසර 36ක් පාලනය කර තිබෙනවා ඇත.

ඝෝර ඉවාන් (Ivan the Terrible) ද රුසියාව පාලනය කළේ මෙපමණම කාලයකි.

ලෝකයේ බලවත්ම අනෙක් හමුදා බලවේගය වන චීනයට ද ලැබී තිබෙන්නේ ‘දිවි ඇති තෙක් ජනපති‘ කෙනෙක් වන ෂී ජින් පින් ය. දැන් රුසියාව ඒ අංශයෙනුත් චීනයට නොදෙවෙනි වීමට යයි.

එසේ නොවීමට දැනට ඉතිරිව තිබෙන්නේ පොඩි අවකාශයන් කිහිපයක් පමණකි. එනම්, පුටින්ගේ මේ ‘දිවි ඇති තෙක් ජනපති‘ ආසාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලදැයි එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් තීරණය කළ යුතුව ඇත. නමුත් රුසියාවේ සියලු ආයතනවල පුටින් විසින් ‘පොඩි පුටින්ලා‘ අඩු වැඩි වශයෙන් පුරවා තබා තිබෙන නිසා, එහි රාජ්‍ය යාන්ත්‍රණයේ ඇති තතු දන්නන් කැට තබා කියන්නේම, පුටින් මෙම අභියෝගය ලෙහෙසියෙන්ම ජය ගනු ඇති බවයි.

මේ පිළිබඳ ‘බහුතර මතය‘ විමසා බැලීම පිණිස ක්‍රෙම්ලිනය විසින් අප්‍රේල් 22 දා “all-people vote” වර්ගයේ ජනමත විචාරණයක් ද පැවැත්වීමට නියම කර තිබේ.

‘ඉකොනොමිස්ට්‘ සඟරාවේ පළවූ Vlad the indefinite – Russia’s president reluctantly agrees to 16 more years in power – Vladimir Putin has no plans to retire. Poor Russia ලිපියේ කෙටි අනුවාදයකි.

 

Cover Photo: Lipstick Alley



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි