×

පුටින් නේටෝවේ ‘අධිරාජ්‍ය අභිලාෂයන්’ හෙළා දකියි

" මීට පෙර කිසිදු තර්ජනයක් නොතිබූ බව ඔවුන් තේරුම් ගත යුතුය, දැන්, හමුදා භට කණ්ඩායම් සහ යටිතල පහසුකම් එහි යොදවා ඇත්නම්, අපට කාරුණිකව ප්‍රතිචාර දැක්වීමට සිදු වන බව, අපට තර්ජනයක් ඇති ප්‍රදේශවලට එම තර්ජන ඇති කිරීමට සිදුවනු ඇත,''


රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් නේටෝවේ “අධිරාජ්‍ය අභිලාෂයන්” හෙළා දකිමින්, යුක්රේන ගැටුම හරහා සිය ආධිපත්‍ය තහවුරු කර ගැනීමට නේටෝව උත්සහ දරණ බවට චෝදනා කර තිබේ.

උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය හෙවත් නේටෝ (North Atlantic Treaty Organisation/NATO) යනු එක්සත් ජනපදය, කැනඩාව, එක්සත් රාජධානිය, සහ ප්‍රංශය ඇතුළු රටවල් 12ක් විසින් 1949 දී පිහිටුවන ලද යුදමය සන්ධානයකි. සන්ධානයට දැන් රටවල් 30ක් එක්ව තිබේ. මෙහිදී කිසියම් සාමාජික රාජ්‍යයකට එරෙහිව සන්නද්ධ ප්‍රහාරයක් එල්ලවූ විට එකිනෙකාගේ සහායට පැමිණීමට මෙහි සාමාජිකයන් එකඟවී සිටියි. එහි මුල් අරමුණ වූයේ යුද්ධයෙන් පසු යුරෝපය තුළ රුසියානු ව්‍යාප්තිවාදයේ තර්ජනයට එරෙහිවීම ය.

නේටෝහි සාමාජිකත්වය අලුතින් ලබා ගත් යුක්රේනය, ෆින්ලන්තය හා ස්වීඩනය පිළිබඳ මෙහිදී අදහස් දක්වන ලද පුටින් නේටෝව විසින් යුක්රේනය වෙනුවෙන් ෆින්ලන්තයේ සහ ස්වීඩනයේ හමුදා සහ යටිතල පහසුකම් යෙදවන්නේ නම් තමා ඊට කාරුණික ප්‍රතිචාරයක් දැක්වීමට සූදානම් බව ප්‍රකාශ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය නිවේදනය කර තිබේ. ” මීට පෙර කිසිදු තර්ජනයක් නොතිබූ බව ඔවුන් තේරුම් ගත යුතුය, දැන්, හමුදා භට කණ්ඩායම් සහ යටිතල පහසුකම් එහි යොදවා ඇත්නම්, අපට කාරුණිකව ප්‍රතිචාර දැක්වීමට සිදු වන බව, අපට තර්ජනයක් ඇති ප්‍රදේශවලට එම තර්ජන ඇති කිරීමට සිදුවනු ඇත,”

මේ පිළිබඳ දේශපාලන විද්වතුන් කියා ඇත්තේ යුක්රේනය හා ස්වීඩනය නේටෝවට සම්බන්ධ වීම දශක ගනනාවක් තුල යුරෝපීය ආරක්ෂාවේ විශාලතම මාරුවීම් වලින් එකක් බවයි.

නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා තිබුණේ යුක්රේනයට එරෙහි ජනාධිපති පුටින්ගේ යුද්ධය යුරෝපයේ සාමය සුනුවිසුනු කර ඇති අතර දෙවන ලෝක යුද්ධයෙන් පසු යුරෝපයේ විශාලතම ආරක්ෂක අර්බුදය නිර්මාණය කර ඇති බවයි. මෙහිදී යුරෝපීය රටවල එකමුතුව සිදුවිය යුතු අත්‍යාවශම කාරණාවක් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නට විය. වසර 73ක ඉතිහාසය තුළ ඔවුන් මුහුණදුන් විශාලතම අභියෝගය මෙය බවත් ඊට ශක්තියෙන් හා එකමුතුවෙන් ප්‍රතිචාර දැක්වූ බවත් මහලේකම් වරයා මෙහිදී ප්‍රකාශ කර තිබිණ.

යුක්රේනයට සහය පිණිස එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් යුරෝපය පුරා තවත් ගොඩබිම්, මුහුදු සහ ගුවන් හමුදා යෙදවීම් නිවේදනය කර ඇත.  පෝලන්තයේ බලඇණියක් සමඟ ස්ථිර හමුදා මූලස්ථානයක් නේටෝවේ නැගෙනහිර මායිම්වල පළමු පූර්ණ කාලීනව යොදවා ඇත. බයිඩන් මෙහිදී ප්‍රකාශකර තිබුණේ රුසියාව හා එක්සත් ජනපදය අතර මෙම යුද්ධය ඇතිවෙන්නේ නම් එය තුන්වන ලෝක යුද්ධයක් වනු ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි