×

පුද්ගලික භාවිතය සඳහා ගංජා වැවීම නීති විරෝධී නොවේ – ඉතාලි නීතිය වෙනස් වේ.

පුද්ගලික භාවිතය සඳහා ගංජා ශාඛය වගා කිරීම නීති විරෝධී නොවන බව ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.


මේ නඩුවේදී අදාළ පාර්ශවය විසින් වවා තිබුණේ ගංජා ගස් දෙකකි.

එහිදී අධිකරණය මෙය විස්තර කළේ. ‘ගංජා කුඩා පරිමාණයෙන් වැවීම‘ යනුවෙනි. එසේ කුඩා පරිමාණයෙන් වැවීම සහ පුද්ගලික භාවිතය සඳහා කොතරම් වගා කළ යුතුදැයි නිශ්චිතව දක්වා නොමැත.

ඉතාලියේ මරිජුවානා/කංසා/ගංජා වගා කිරීම සහ විකිණීම 1990 දශකයේ නීතියක් ප්‍රකාරව මේ තාක් කාලයකට තහනම් කර තිබිණි. නමුත් ඉතාලි ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම තීන්දුවත් සමග මේ තත්වය වෙනස් වේ.

දෙසැම්බර් 19 වැනිදා ලබාදුන් මෙම තීන්දුවට නත්තල පසුවන තෙක් මාධ්‍ය විසින් ප්‍රචාරයක් ලබා නොදී තිබීම ද කැපී පෙනේ.

‘‘අධිකරණය දැන් මාර්ගය විවෘත කර තිබෙනවා. ඉතිරිය ඔබ වෙත භාරයි..‘‘ යැයි 5-Star Movement හි සෙනෙට් සභික මැටියෝ මැන්ටේරෝ ද ප්‍රකාශ කර තිබිණි.

ඔහු, 2020 අය වැය සඳහා කැනබීස් නීත්‍යානුකූල කිරීම සහ ගෘහස්ථ කැනබීස් භාවිතය විධිමත් කිරීම සඳහා නව යෝජනා ද ඉදිරිපත් කර තිබිණි. නමුත් අගමැති සිල්වියෝ බර්ලුස්කොනි ගේ කන්සවේටිව් සෙනෙට් කථානායකවරයා මෙය විවාදයට ගැනීමට පවා ඉඩ ලබා දී තිබුණේ නැත.

මේ වනවිට ඉතාලියේදී විවෘත වෙළඳපොළෙන් මිලදී ගත හැක්කේ ‘ලීගල් වීඩ්‘ යනුවෙන් හඳුන්වන, මත්වීමේ අඩු බලයකින් යුක්ත කැනබීස් පමණි.

නමුත් මෙම නව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් වීමත් සමග ඉදිරියේදී මෙම තත්වය වෙනස් වනු ඇත.

Cover Photo: AFP/Getty Images



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි