×

පෘථිවිය තවත් මහා වඳවීමේ සිදුවීමක අද්දර සිටින බව ඩේවිඩ් ඇටෙන්බරෝ අනතුරු අඟවයි

ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ පවසන්නේ අපට තවමත් බලාපොරොත්තුවක් ඉතිරිව ඇති බවයි. ඔහු මෙසේ පවසයි. “අනාගතය පිළිබඳ මම බලාපොරොත්තු තබා ඇත්තේ ඊළඟ පරම්පරාවට කෙරෙහිය. අප විසින් කරනු ලබන හානිය නැවැත්වීමේ හැකියාව හා දැනුම අප සතුව ඇත. අපට නැති දේ කාලයයි. ”


 

දේශගුණික විපර්යාස පිළිබඳ තර්ජනය පිළිබඳව පැහැදිලි පණිවිඩයක් ලබා දීම සඳහා ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ තවත් පාරිසරික විශේෂඥයින් තිදෙනෙකු සමඟ එක්ව ඇත.

පසුගිය ඉරිදා ප්‍රදර්ශනය වුණු බීබීසී 1 හි A Perfect Planet අවසාන කථාංගයේ දී ජීව විද්‍යාඥ ආචාර්ය නියල් මැකාන් අනතුරු ඇඟවූයේ මිනිසුන් ” ගිනි කන්දක් ලෙස” වායුගෝලයට කාබන් පොම්ප කරන බවයි. ඔහු පවසන්නේ මිනිසුන් විසින් “දේශගුණික සරණාගතයින්” නිර්මාණය කිරීමට උර දෙන බවයි.

සමුද්‍ර ජීව විද්‍යාඥ ආචාර්ය ආශා ඩි වොස් එයට එකඟ වෙමින් පැවසූයේ දැනට ලෝකයේ සියලුම ගිනිකඳු වලින් නිකුත් කර ඇති කාබන් මෙන් 100 ගුණයක් මිනිසුන් විසින් පිට කරන අතර ඒ හේතුවෙන් කාලගුණ හා දේශගුණ පද්ධති වල බිඳවටීම් ඇති වන බවයි. “සියල්ල … කඩා වැටෙමින් තිබේ, මෙය අනාගත පරපුරට අප භාර දෙන ග්‍රහලෝකයයි.” ඇය පවසා සිටියාය.

ආර්ථික විද්‍යාඥයෙකු හා පරිසරවේදියෙකු වන ජෙරමි රිෆ්කින් විශ්වාස කරන්නේ අප පොසිල ඉන්ධන වලින් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත මාරු නොවන්නේ නම් “පෘථිවියේ ඉතා ඉක්මණින් මහා විනාශයකට” මුහුණ දෙන බවයි. ඩයිනෝසෝරයන් වඳ වී යාම ගැන සඳහන් කරමින් ඔහු තවදුරටත් පැවසුවේ මෙතරම් විශාල වඳවීමේ සිදුවීමක් අවසන් වරට සිදු වුණේ මීට වසර මිලියන 65 කට පෙර බවයි.

නමුත් වැඩටසහන ඉදිරිපත් කරන ශ්‍රීමත් ඩේවිඩ් ඇටෙන්බරෝ පවසන්නේ අපට තවමත් බලාපොරොත්තුවක් ඉතිරිව ඇති බවයි. ඔහු මෙසේ පවසයි. “අනාගතය පිළිබඳ මම බලාපොරොත්තු තබා ඇත්තේ ඊළඟ පරම්පරාවට කෙරෙහිය. අප විසින් කරනු ලබන හානිය නැවැත්වීමේ හැකියාව හා දැනුම අප සතුව ඇත. අපට නැති දේ කාලයයි. ”



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි