×

පෙෂාවර් හි මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 100 දක්වා ඉහළට

මෙම ප්‍රහාරය දශකයකට පසු පෙෂාවර් හි සිදුවූ මාරාන්තිකම ප්‍රහාරය ලෙස සැලකේ.


වයඹදිග පකිස්ථානයේ පෙෂාවර් නගරයේ මුස්ලිම් පල්ලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 100 දක්වා ඉහළ ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

සඳුදා(30)දින බෝම්බ ප්‍රහාරයෙන් මියගිය අයගෙන් අතිමහත් බහුතරය පොලිස් නිලධාරීන් වන අතර පෙෂාවර් හි ජ්‍යෙෂ්ඨ පොලිස් මෙහෙයුම් අධිකාරී කෂිෆ් අෆ්තාබ් අබ්බාසි මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ පිපිරීමෙන් 225 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවයි.

ප්‍රහාරයේ වගකීම ටෙහ්රීක්-ඊ-තලිබාන් පාකිස්තානය (ටීටීපී) විසින් භාරගෙන ඇති අතර, එහි නායකත්ව මණ්ඩලයේ සාමාජිකයෙකු වන Omar Mukaram Khorasani මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ, ඇෆ්ගනිස්ථානයේදී ඔහුගේ සහෝදරයා ඝාතනය කිරීම සඳහා පළිගැනීමේ ප්‍රහාරයක් වශයෙන් මෙය දියත් කළ බවයි.

කෙසේ නමුත්, මෙම ප්‍රහාරය දශකයකට පසු පෙෂාවර් හි සිදුවූ මාරාන්තිකම ප්‍රහාරය ලෙස සැලකේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි