×

පේරු නව අගමැතිනි

ඇය Broad Frontපක්ෂයේ සාමාජිකාවකි.


පේරු ජනාධිපති පේද්රෝ කැස්ටිලෝ විසින් සිය රජයේ නව අගමැති ලෙස වාමාංශික කොන්ග්‍රසයේ ප්‍රධානී මිර්තා වාස්කෙස් මහත්මිය පත් කරන්නට විය.ඒ අගමැති ධුරයට පත් වී, මාස දෙකකට පසු ඉල්ලා අස් වූ ගයිඩෝ බෙලිඩෝ වෙනුවටයි.එසේම නව බලශක්ති හා පතල් ඇමතිවරය ලෙස එඩ්වාඩෝ ගොන්සාලෙස් ටෝරෝ නම් කර ඇත.

අසල්වැසි චිලියට පසු ලොව දෙවන විශාලතම තඹ නිෂ්පාදකයා වන පේරු හි පතල් කැණීම ප්‍රධාන කර්මාන්තයකි. ජනාධිපති කැස්ටිලෝ පවසා ඇත්තේ සමාජ වැඩසටහන් සඳහා අරමුදල් සැපයීම සඳහා මෙම අංශයෙන් බදු ආදායම වැඩි කිරීමට අවශ්‍ය බවයි.නව අගමැතිනි වස්කේස් 2020 සහ 2021 අතර කොංග්‍රසයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර ඇය නීතිවේදිනියකි.මේ සමගින් කැබිනට් මණ්ඩලයේ කාන්තා නියෝජිත සංඛ්‍යාව දෙකේ සිට පහ දක්වා වැඩි වි ඇත.රොසාරියෝ ෆර්නැන්ඩස්,ඇනා ජාරා,මර්සිඩීස් අරෝස් ෆර්නැන්ඩස්,වයලෙටා බර්මෙඩෙස් යන කාන්තා චරිත එරටේ අග්‍රමාත්‍යවරියන් වශයෙන් සේවයේ යෙදි ඇත.

මිර්තා එස්තර් වාස්කේස් චුකිලන් 1975 වසරේ උපත ලබා තිබේ.කාජමර්කා හි උතුරු ප්‍රදේශයේ උපත ලැබූ වස්කෙස් ජාතික කාජමර්කා විශ්ව විද්‍යාලයෙන් නීති උපාධියක් ලබා ඇති අතර පසුව පේරුහි පොන්තිෆිකල් කතෝලික විශ්ව විද්‍යාලයෙන් සමාජ කළමනාකරණය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ගෙන ඇත.

ඇය Broad Frontපක්ෂයේ සාමාජිකාවකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි