×

”පේලේ” එදා මෙදාතුර පාපන්දු ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතමයා

අදටත් ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම පාපන්දු ලකුණ ඔහු ය.


 1940 වසරේ උපන් විට පේලේට නම තැබුණේ එවකට සිටි මහා නව නිපැයුම්කරු වූ තෝමස් අල්වා එඩිසන් සිහිවන්නට ය. ඒ අනුව ඔහුගේ නම එඩිසන් අරන්ටෙස් ඩො නාසිමෙන්ටෝ විය. නමුත් ඔහු ගේ පියා ඩොන්ඩින්හෝ බ්‍රසීලයේ සිටි සාර්ථකම ක්‍රීඩා සමාජ පාපන්දු ශූරයෙකු විය. එනිසා උපතේ පටන් ම පේලේ ගේ ජීවිතය පාපන්දුව විය. වයස අවුරුදු 15 දී ඔහු සැන්ටෝස් පිල සමග වෘත්තීය ක්‍රීඩකයෙක් ලෙස එක්විය. අසමාන ජවයකින් හෙබි වූ මේ කළු කොලුවා 1956 වසරේ පැවති සිය පළමු තරගයේදීම ගෝල 4 ක් වාර්තා කළේය. ඔහු ව සැන්ටෝස් පිල වෙත ගෙන ආවේ සමකාලීන ශ්‍රේෂ්ඨයෙකු වූ වැල්ඩෙමාර් ඩි බි්‍රටෝ විසිනි. “පේලේ මතු දිනෙක ලෝකයේ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා වනු ඇතැයි මුලින්ම අනාවැකි කීවේ බි්‍රටෝ ය. එය සැබෑවක් කරමින් ඔහු එයින් දෙවසරකට පසු එනම් වයස අවුරුදු 17 දී පාපන්දු ලෝක ශූරතාවය සිට රටට ගෙනැවිත් දුන්නේය. ඒ, බ්‍රසීල පිලේ සිටි ළාබලතම ක්‍රීඩකයා වශයෙනි. පේලේ ගේ ජීවිතයේ දේශපාලන බැඳීමක් ද තිබේ. 1995 සිට 1998 දක්වා ඔහු බ්‍රසීලයේ ක්‍රීඩා ඇමතිවරයා වශයෙන් ද කටයුතු කළේය. අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව 1999 දී ඡන්ද විමසීමකින් පසු නිවේදනය කර සිටියේ ගෙවී ගිය සියවසේ ක්‍රීඩකයා පේලේ මිස අන් කෙනෙක් නොවන බවයි. බි්‍රතාන්‍යය 1997 වසරේදී ඔහුට නයිට් පදවිය පිරිනැමීය. 2000 වසරේදී බීබීසී නාලිකාව පැවසුවේ පෙලේ, බොක්සිං ශ්‍රේෂ්ඨයා වන මොහොමඞ් අලි ට පමණක් දෙවැනි වෙමින් සියවසේ ක්‍රීඩකයන් අතරින් දෙවැනි තැනට පත් වූ බවයි.

පේලේ හා තවත් පාපන්දු විශිෂ්ටයෙක් වන මැරඩෝනා අතර එතරම් හොඳ හිතක් කිසිදිනෙක නොතිබූ බව ද ප්‍රසිද්ධ රහසකි. වරක් මැරඩෝනා පිළිබඳ පේලේ පැවසුවේ මෙසේ ය. “ඔහු තාරුණ්‍යය සඳහා හොඳ උදාහරණයක් නොවෙයි. පාපන්දු ක්‍රීඩා කිරීම සඳහා දෙවියන් වහන්සේ ඔහුට තෑග්ගක් දී තිබෙනවා. ඒ නිසා ඔහු වාසනාවන්තයි. එපමණයි..” මේ ප්‍රකාශය සඳහා මැරඩෝනාගේ ප්‍රතිචාරය වූයේ, “පේලේ කියන දේ කවුද ගණන් ගන්නේ..?

පේලේ විසින් පළමු පෙළ ගෝල 1283 ක් වාර්තා කර ඇති බව ඉතිහාසයේ සඳහන් ය. එයින් හැත්තෑ හතක් සිය ජාතික පිල වූ බ්‍රසීල කණ්ඩායම වෙනුවෙනි. නමුත් මේ පිළිබඳ මතභේද තිබේ. ඒවාට අනුව මෙම ගෝල අතරින් ගෝල 526 ක්ම සුහද තරග හෝ සංචාරක තරගවලදී වාර්තා කළ ඒවා වන අතර ඒ අනුව නිල ගෝල වශයෙන් නොගිණිය යුතුය. පේලේ ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලි හතරකට ක්‍රීඩා කළ ද ඒ කිසිවකදී කැපී පෙනෙන දස්කම් නොදැක්වීය යන්න ඔහුට එල්ලවන තවත් චෝදනාවකි. නමුත් ඔහු තෙවරක් සිය කණ්ඩායම ලෝක කුසලානය වෙත මෙහෙයවූ බව ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයයි. පේලේ, දඬුවම් පහරක් වූ සිය දහස්වන ගෝලය වාර්තා කළේ 1969 නොවැම්බර් 19 වැනි දා ය. ඒ ඓතිහාසික මොහොතේ නරඹන්නන් දහස් ගණනින් ඔහුට සුබපැතීමට ක්‍රීඩා පිටිය වෙත කුණාටුවක් මෙන් කඩා වැදුණෙන් තරගය ආරම්භ කිරීමට සිදුවූයේ තවත් මිනිත්තු තිහකට පසුව ය. අදටත් සෑම වසරකම නොවැම්බර් 19 වැනිදා සැන්ටෝස් පිල ඒ ඓතිහාසික දිනය සැමරීමට අමතක නොකරයි. ඔවුන් එදින ‘පේලේ දිනය’ යෙනුවෙන් නම් කර තිබේ. මේ අතර ම පේලේගේ ජීවිතයේ මතභේදාත්මක අංශ ද නැතිවා නොවේ. ඔහු, තමන් ව්‍යාඝ්‍රා කාමෝද්දීපක පෙති භාවිතා කරන්නෙකු බව ප්‍රසිද්ධියේ පවසන්නෙකි. එසේම ව්‍යාඝ්‍රා වෙළඳ දැන්වීම් සඳහා ද ඔහු පෙනී සිටියේය. පේලේ හා තවත් පාපන්දු විශිෂ්ටයෙක් වන මැරඩෝනා අතර එතරම් හොඳ හිතක් කිසිදිනෙක නොතිබූ බව ද ප්‍රසිද්ධ රහසකි. වරක් මැරඩෝනා පිළිබඳ පේලේ පැවසුවේ මෙසේ ය.

“ඔහු තාරුණ්‍යය සඳහා හොඳ උදාහරණයක් නොවෙයි. පාපන්දු ක්‍රීඩා කිරීම සඳහා දෙවියන් වහන්සේ ඔහුට තෑග්ගක් දී තිබෙනවා. ඒ නිසා ඔහු වාසනාවන්තයි. එපමණයි..”

මේ ප්‍රකාශය සඳහා මැරඩෝනාගේ ප්‍රතිචාරය වූයේ, “පේලේ කියන දේ කවුද ගණන් ගන්නේ..? ඔහු දැන් අයිති කෞතුකාගාරයටයි’ යනුවෙනි. පේලේ දෙවරක් විවාහ විය. 1966 වසරේ රෝස්මෙරී ඩොස් රෙයිස් චොල්බි සමග සිදුවූ පළමු විවාහයෙන් දියණියන් දෙදෙනෙකු සිටියි. පසුව 1982 වසරේදී ඔවුන් දික්කසාද වූ අතර දෙවන විවාහය 1994 දී සිදුවූයේ මනෝවෛද්‍යවරියක සමග ය. මේ අතර කාලයේදි පේලේ 17 හැවිරිදි මෝස්තර නිරූපිකාවක සමග ගෘංගාරාත්මක සබඳතාවක් ගෙන ගිය බව ප්‍රසිද්ධ ය. තවද පේලේ එකෝස්ටික් ගිටාරය වාදනය කිරීමට අතිශය ආශා කරන කරන්නෙකි. ඔහු මේ පිළිබඳ ඇල්බමයක් ද නිකුත් කර තිබේ. අද වන විට සොකර් හෙවත් පාපන්දු ක්‍රීඩාව ලයනල් මෙසී, ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, රොනාල්ඩිනෝ වැනි නූතන ක්‍රීඩකයන්ගේ අණසකට යටත් වී ඇත. පේලේ 1977 දී පාපන්දු පිටියෙන් සමුගත්තේය. නමුත් අදටත් ලෝකයේ සිටින ශ්‍රේෂ්ඨතම පාපන්දු ලකුණ ඔහු ය. පිටියෙන් සමුගෙන දශක කිහිපයකට පසුව වුවත් පේලේ නාමයට සම්භාවනීයත්වයෙන් අඩුවක් වී නැත. “පේලේ තමයි ශ්‍රේෂ්ඨයා.. මේ ලෝකයට සිටින්නේ එක පේලේ කෙනෙකු පමණයි..” නූතන ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩිනෝ පේලේ පිළිබඳ කියන්නේ එසේ ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි