×

පොදු රද කෙළි බිම මත රැව් දුන් ආදරයේ හඬ

ලෝකය දියුණු වීඇති බව අපි කියන්නෙමු.ඒ දැණුම පදනම් කරගෙන සිඳු වූ වෙනසකි.ඒ දැණුම මිනිසා බෙදෙන – වෙන්වෙන අවිද්‍යාත්මක සහ අතාර්කික සමාජ සම්මතයන්ගෙන් බැහැරට ගහගෙන ගොස් මානුෂිකත්වය පදනම් කරගත් මහා හඬක් නිර්මාණය කර ඇත.ලෝකය විද්‍යාවෙන් තාක්ෂණයෙන් කුඩා කරමින් මිනිස්සු අතර බැදීම් පළල් කරන ආදරණීය ලෝකයක් බවට පත් කරන්නට කරන සටන් හී ගුණාත්මක දේ ක්‍රීාවටද සපැමිණ ඇත.ඒ […]


ලෝකය දියුණු වීඇති බව අපි කියන්නෙමු.ඒ දැණුම පදනම් කරගෙන සිඳු වූ වෙනසකි.ඒ දැණුම මිනිසා බෙදෙන – වෙන්වෙන අවිද්‍යාත්මක සහ අතාර්කික සමාජ සම්මතයන්ගෙන් බැහැරට ගහගෙන ගොස් මානුෂිකත්වය පදනම් කරගත් මහා හඬක් නිර්මාණය කර ඇත.ලෝකය විද්‍යාවෙන් තාක්ෂණයෙන් කුඩා කරමින් මිනිස්සු අතර බැදීම් පළල් කරන ආදරණීය ලෝකයක් බවට පත් කරන්නට කරන සටන් හී ගුණාත්මක දේ ක්‍රීාවටද සපැමිණ ඇත.ඒ ක්‍රීඩාවද සමාජය වන හෙයින්ය.ඉකුත් ඔලිම්පික් උළෙල වන විට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සමානත්මතාවය මත ලිංගික විපර්යාසයන්වලට මුහුණ දෙන පිරිස් සඳා වන ක්‍රීඩා කිරීමේ අයිතිය නිල වශයෙන් එකතු කළ අතර ඒ අනුව බර ඉදිලීම සඳහා සංක්‍රාන්ති තරුණියක් වන ලොරල් හබර්ඩ් බර ඉසිලීමේ ඉසව්වට නවසීලන්තය නියෝජනය කරමින් සහභාගී වූවාය.
ක්‍රීඩාව යළි යළිත් අවධාරණය කළ යුත්තේ සමාජයෙන් වියුක්ත වෙනම ආකෘතියකට අඩංගු ක්‍රියාදාමයක් නොවන අතර එහි ගුණාත්මක දේ ක්‍රීඩාවේ සිටින මිනිසුන්ට ද අදාළ බවය.ඒ නිසා ක්‍රීඩාව යනු සමාජයේ පවතින යථාර්තය පිළිබිඹු කිරීමක් වන අතර මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ඒ මුසු වීම සංඛේතවත් කරමින් සාමය සඳහා වූ නොබෙල් ත්‍යාගය දිනූ මලාලා යුසුෆ් සමාරම්භක උළෙල ආමන්ත්‍රණයට කැදවීය.
ඇය පකිස්තානයේ තලේබාන් බලය පවතින දැඩි මූල ධර්මවාදීන්ගෙන් කාන්තාව අවතක්සේරු කර සළකන ස්වාටි දිස්ත්‍රික්කයේ ය.ඒ වෙනස්කම් පකිස්තානු මුස්ලිම් අන්තවාදයට වඩා දරුණු ස්වරූපයක ගන්නේ ස්වාටි දිස්ත්‍රික්කය අයත් වන්නේ දෙසකින ඇෆගනිස්තානයටත්,තවත් දෙසකින් තජිකිස්තානයටත් මායිම්ව පිහිටි කයිබර් පක්තුන්ක්වා පළාතට ය.එම ගමේ පහළ මධ්‍යම පාංතික පවුලක දරුවෙක් වූ මලලාට කුඩා කළ සිටම අධ්‍යාපනයේ වටිනාකම තදින් දැනෙන්නට වූයේ සිය පියා අධ්‍යාපනඥයෙකු වීම නිසාය.
නිවස අධ්‍යාපනයට යොමු නොවන තලේබාන් නීතියේ ආධිපත්‍යයෙන් පිට එකක් වූයේ මලාලාගේ පියා අධ්‍යාපනඥයෙක් වීම නිසාය.ඒ නිසාම අධ්‍යාපනයට එල්ලවන බාධා නොතකමින් කටයුතු කළ මලාලා ඒ ගැන භාහිර සමාජයටද පණිවිඩ දෙන්නෙක් බවට පත්වෙන්නට තරම් එඩිතර වූවාය.
ඇයගේ පියා වන ෂායිදුයින් යුසූෆ් ඇයට මලාලා නම තැබුවේම රණසූර කාන්තාවක මෙන්ම ප්‍රකට ඇෆ්ගන් කිවිදියක වන මලාලා උපුටමින්ය.මලාලා යන්නෙහි අරුත “ශෝකයෙන් පෙළෙන” නම් වූ අතර ෂායිදුයින්ගේ දියණිය රණසූර මලාලා මෙන්ම අභිතව පෙරට ආවෙ ශෝකයෙන් පෙළෙන ජනතාවගේ දෙතොළට මිහිරි කවියක් වෙමින්ය.
මලාලා ඇයට වයස අවුරුදු 11 වෙන විටම 2009 සිට තමන්ගේ අදහස් බ්ලොග් ගත කිරීම ඇරඹීය.එතැන් සිටම සතුරන් නිර්මාණය වන්නට පටන් ගත්තේය.නමුත් ඇය හෘද සාක්ෂියට එකඟව තමන්ගේ හදවත පාරන අසාධාරණයට එරෙහිවත්,කාන්තාවන්ගේ අධ්‍යාපනයේ අයිතිය පිළිබඳවත් අකුරු කළේය.මේ පෙනී සිටීමේ අවශ්‍යයතාවයේ විශාලත්වය එම සමාජ ව්‍යහුයට තදින්ම අවශ්‍යය මානවීය ගුණයෙන් සපිරි එකක් වී අතර ඒ නිසාම ඇය මේ වන විට ලෝකයෙන් කෙතරම් ගරු බුහුමන් ලැබ ඇද්ද යන්න අවබෝධ කර ගැනීමට ඇයට ලැබී තිබෙන පහත ඇගයීම් ප්‍රමාණවත් වනු ඇත.
2011: ජාත්‍යන්තර ළමා සාම ත්‍යාගය (නම් කරන ලද)
2011: ජාතික තරුණ සාම ත්‍යාගය
2012 ජනවාරි: සදාචාර ධෛර්යය සඳහා ඈන් ෆ්‍රෑන්ක් සම්මානය
2012 ඔක්තෝබර් : Sitara-e-Shujaat, පකිස්ථානයේ දෙවන ඉහළම සිවිල් නිර්භීත සම්මානය
2012 නොවැම්බර් : විදේශ ප්‍රතිපත්ති සඟරාව ඉහළම ගෝලීය චින්තකයින් 100
2012 දෙසැම්බර්: Time සඟරාව 2012 සඳහා වසරේ පුද්ගලයාගේ කෙටි ලැයිස්තුව
2012 නොවැම්බර් : සමාජ සාධාරණත්වය සඳහා මවු තෙරේසා සම්මාන
2012 දෙසැම්බර් : සාමය සහ මානුෂීය ක්‍රියාව සඳහා රෝම ත්‍යාගය
2013 ජනවාරි: 2012 වසරේ ගෝලීය ඉංග්‍රීසි වාර්ෂික සමීක්ෂණයේ ඉහළම නම
2013 ජනවාරි : Simone de Beauvoir ත්‍යාගය
2013 මාර්තු : Memminger Freiheitspreis (දෙසැම්බර් 7, 2013 ඔක්ස්ෆර්ඩ් හිදී
2013 මාර්තු : වාරණය පිළිබඳ දර්ශකයේ ඩෝටි වීදි උපදේශන සම්මානය
2013 මාර්තු : එක්සත් රාජධානියේ ජාතික ගුරු සංගමයේ ෆ්‍රෙඩ් සහ ඈන් ජාවිස් සම්මානය
2013 අප්‍රේල් : Vital Voices Global Leadership Awards, Global Trailblazer
2013 අප්‍රේල්: ටයිම්ස් හි “ලෝකයේ වඩාත්ම බලගතු පුද්ගලයන් 100″ගෙන් එක් අයෙකි
2013 මැයි : කැටලෝනියාවේ ප්‍රිමි ඉන්ටර්නැෂනල් කැටලූනියා සම්මානය, 2013 මැයි
2013 ජූනි : ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ ඔපෙක් අරමුදල (OFID) සංවර්ධනය සඳහා වාර්ෂික සම්මානය
2013 ජූනි: වසරේ ජාත්‍යන්තර ප්‍රචාරකයා, 2013 ඔබ්සර්වර් සදාචාර සම්මාන
2013 අගෝස්තු : 2012 සඳහා ටිපරරි ජාත්‍යන්තර සාම සම්මානය, අයර්ලන්ත ටිපරරි සාම සම්මුතිය
2013: ජොනතන් යෝ විසින් යූසෆ්සායිගේ ප්‍රතිමූර්තිය ලන්ඩනයේ ජාතික පෝට්රේට් ගැලරියේ ප්‍රදර්ශනය කරන ලදී
2013 සැප්තැම්බර් : ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් වෙතින් හෘද සාක්ෂියේ තානාපති සම්මානය
2013: ජාත්‍යන්තර ළමා සාම ත්‍යාගය
2013: Clinton Foundation වෙතින් Clinton Global Citizen Awards
සැප්තැම්බර් 2013: හාවර්ඩ් විශ්ව විද්‍යාලයෙන් හාවඩ් පදනමේ පීටර් ගෝමස් මානුෂීය සම්මානය
2013: ඇනා පොලිට්කොව්ස්කායා සම්මානය – යුද්ධයේ සිටින සියලුම කාන්තාවන් වෙත ළඟා වන්න
2013: Reflections of Hope Award – Oklahoma City National Memorial & Museum
2013: සිතීමේ නිදහස සඳහා වූ Sakharov ත්‍යාගය – යුරෝපීය පාර්ලිමේන්තුව විසින් පිරිනමන ලදී
2013: එඩින්බරෝ විශ්ව විද්‍යාලය විසින් පිරිනමන ලද ගෞරව ශාස්ත්‍රපති උපාධිය
2013: බ්‍රිතාන්‍යයේ අභිමානය (ඔක්තෝබර්)
2013: Glamour සඟරාව වසරේ කාන්තාව
2013: GG2 නායකත්ව සම්මාන (නොවැම්බර්) හිදී GG2 Hammer සම්මානය
2013: සමානාත්මතාවය සහ වෙනස් කොට සැලකීම සඳහා ජාත්‍යන්තර ත්‍යාගය
2014: ළමා නොබෙල් ත්‍යාගය ලෙසින්ද හැඳින්වෙන ලෝක ළමා ත්‍යාගය සඳහා නාමිකයා
2014: PSEU (අයර්ලන්තය) විසින් ගෞරවනීය ජීවිත සාමාජිකත්වය පිරිනමන ලදී
2014: Skoll Global Treasure Award
2014: සිවිල් නීතිය පිළිබඳ ගෞරවනීය ආචාර්ය, කිංග්ස් විද්‍යාලය, හැලිෆැක්ස්, නෝවා ස්කොටියා, කැනඩාව
2014: 2014 නොබෙල් සාම ත්‍යාගය, කයිලාෂ් සත්‍යාර්ති සමඟ බෙදා ගන්නා ලදී
2014: ෆිලඩෙල්ෆියා ලිබර්ටි පදක්කම
2014: Asia Game Changer සම්මානය
2014: ටයිම් සඟරාවෙන් එකක් “2014 වඩාත්ම බලගතු යෞවනයන් 25”
2014: ගෞරවනීය කැනේඩියානු පුරවැසිභාවය
2015: ග්‍රහක 316201 මලාලා ඇයට ගෞරවයක් ලෙස නම් කරන ලදී.
2015: ඇයගේ I Am Malala පොතේ ශ්‍රව්‍ය පිටපත හොඳම ළමා ඇල්බමය සඳහා ග්‍රැමී සම්මානය දිනා ගනී.
2016: ෂෙෆීල්ඩ් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමයේ ගරු සභාපති
2016: Order of the Smile
2017: ලාබාලතම එක්සත් ජාතීන්ගේ සාම දූතයා
2017: ඔටාවා විශ්ව විද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධියක් ලබා ගන්නා ලදී
2017: Ellis Island ජාත්‍යන්තර ගෞරව පදක්කම
2017: ඇමරිකානු විශ්වවිද්‍යාලයෙන් 2017 වසරේ සම්මානය
2017: Harper’s Bazaar විසින් “එක්සත් රාජධානියේ වඩාත්ම බලගතු කාන්තා නායිකාවන් 150” ලැයිස්තුවට මලාලා ඇතුළත් කරන ලදී.
2018: Swat හි Zebunisa කුමරියගේ උපදේශක, Swat Relief Initiative Foundation, Princeton, New Jersey
2018: හාවඩ් කෙනඩි පාසලේ මහජන නායකත්වය සඳහා වූ මධ්‍යස්ථානයෙන් Gleitsman සම්මානය
2019: 2019 මාර්තු මාසයේ ඔවුන්ගේ පළමු තරගය සඳහා, එක්සත් ජනපද කාන්තා ජාතික පාපන්දු කණ්ඩායමේ කාන්තාවන් එක් එක් ජර්සියක් පැළඳ සිටියේ ඔවුන් ගෞරවයට පාත්‍ර වූ කාන්තාවකගේ නම පිටුපසින්; කාර්ලි ලොයිඩ් යූසෆ්සායිගේ නම තෝරා ගත්තේය.
2020: ටෙක්සාස් හි Fort Bend County හි Malala Yousafzai ප්‍රාථමික පාසල (මලාලා ප්‍රාථමික ලෙස හැඳින්වේ) විවෘත වේ. එය ක්‍රියාත්මක වන්නේ Fort Bend Independent School District (FBISD) විසිනි.
මේ සම්මාන අතරින් ලෝකයේ වැදගත්ම ඇගයීමක් වන නොබෙල් ත්‍යාගය ලබා ගත් වයසින් අඩුම තැනත්තිය මලාලිය.2014 දී එය ඇය අතට පත් වෙද්දී මලාලාගේ වයස අවුරුදු 17 කි.ඇයට අවුරුදු 15 දී තලේබාන් සංවිධානය වෙඩි තබන්නේ ඒ වන විට ඔවුන්ගේ අවකල් ක්‍රියා සඳහා මලාලා කෙතරම් බලපෑමක් කර ඇද්ද යන්න සිතා ගැනීම පහසු කරන්නේය.එහිදී දැඩි අවදානම් තත්ත්වයක පසුවන ඇයගේ ජීවිතය උදුරා ගන්න පූජකවරයන් පිරිසක්ද උථ්සාහ කරත් උත්සාහය ව්‍යර්ථ වූ අතර ඇයට වැඩි පුර ප්‍රතිකාර කිරීම භාර ගන්නේ බර්මින්ග්හැම් හී පිහිටි ක්වීන් එළිසබෙත් රෝහළය.එතැන් පටන් ඇය ජීවිත ආරක්ෂාවට එහි පදිංචිකාරියක වූ අතර ඇයගේ අධ්‍යාපන පිපාසය සංසිඳින්නට එජ්බැස්ටන් උසස් පාසළෙන් අවස්ථාව ලද අතර පසුව ඇය උසස් අධ්‍යාපනයට ඔක්ස්ෆර්ඩ් සරසවියේ දොරටු විවර කර ගත්තාය.
ඇය බර්මින්ග්හැම් ක්‍රීඩා උළෙලට කැදවීමට ඇයගේ ඒ ජාත්‍යන්තර ගුණාංග තරමටම මේ වන විට ඇය බර්මින්ග්හැම් හී රැදීමද බලපාන්නට ඇත.නමුත් ඇය මතවාදීව දරණ ස්ථාවරය ගොඩ නැඟෙන්නේ බර්මින්හැම් හී ආරක්ෂක වටපිටාව තුළ නොවීම අමතක කළ නොහැකිය.ආගමික මිත්‍යාව,මානව හිමිකම් උල්ලංඝනය,කාන්තා මානසික හා කායික හිංසනය නිශ්චිතව ගලමින් තිබුණ සමාජ සම්මතයකට එරෙහිව ඇය අවුරුදු 11 සිට උඩුගං බලා යන්නට දැරූ උත්සාහය නිසාය.එය දැරියකව සිටියදීම ඇයව ඝාතනය කර විනාශ කරන්නට ප්‍රතිවාදී කඳවුරට ඕනෑ වූයේ එහි බලපෑමේ දැඩිකම නිසාමය.
මේ මොහොතටත් ආගමික අන්තවාදයේ,ජාතිවාදයේ මෙන්ම ලිංගික අනන්‍යතා පිළිබඳ හිංසනයේ ගොදුරු හැටියට අධ්‍යාපනිකව තරක ප්‍රහාරය බොහෝ සමාජ තුළ පීඩාවක්ය.වෙනස් කර සැළකීම නිසා යමෙක්ට අහිමි කරන දෑ අතර අධ්‍යාපනික අයිතියද ප්‍රධාන තැනක් ගන්නේය.විටෙක එය අනියම් ආකාරයෙන් සමාජය මත වපුරවන ආකල්ප හරහා කරන අතර තවත් තැනෙක ආගම යනාදි මිත්‍යා කරුණු අරභයා බලපෑමක් කර ක්‍රියාත්මකය.ක්‍රිඩාව ද ඊට එරෙහිව මානව අයිතින් තහවුරු කිරීම වෙනුවෙන් කිසිඳු බලයකට යටත් නොවන මානවීය ගුණ දහම් මත පිහිටුවා සමානත්මතාවය රැකීම වෙනුවෙන් පෙනී සිටීමට පසුබට නැත.විශේෂයෙන් රුසියාවේ යුක්රේන ආක්‍රමණය හමුවේ ලෝකයේ ක්‍රීඩා සංගම් දැඩිව විවේචන සහිතව යුක්රේනය වෙනුවෙන් පෙනී සිටින්නට මැලි නොවිණ.ඒ නිසා මිනිස් අයිතිය විවිධ වූ වෙනස් අනන්‍යතා වෙනස්කම් මත වෙනස් කර සැළකීමෙන් වැළකිය යුතුය යන ස්ථාවරයට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව සාධනීය තීරණ ක්‍රියාත්මක කරන අඩවියකට මලාලාගේ හඬ අවදි කිරීමට දීම අපූරු පෑහීමක්ය.
“අද රාත්‍රියේ රටවල් සහ ප්‍රදේශ 72 ක කණ්ඩායම් දේශසීමා හරහා මිත්‍රත්වය සැමරීමට බර්මින්හැම්හි ජනතාව සමඟ එක් වෙති. ඉදිරි සති දෙක තුළ තරඟ වදින තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පොදුරාජ්‍ය මණ්ඩලය පුරා සිටින මිලියන සංඛ්‍යාත ගැහැණු ළමයින් සහ පිරිමි ළමයින් නියෝජනය කරයි. අනාගතය සඳහා අපගේ හවුල් බලාපොරොත්තුව, සෑම දරුවෙකුටම පාසල් යා හැකි, කාන්තාවන්ට සමාජයට සම්පූර්ණයෙන්ම සහභාගී විය හැකි, පවුල්වලට සාමයෙන් හා ගෞරවයෙන් ජීවත් විය හැකි අනාගතයක්. ඉදිරි සති කිහිපය තුළ අපි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ඇදහිය නොහැකි මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් නරඹන විට සෑම දරුවෙකුටම ඇගේ සම්පූර්ණ හැකියාවන් කරා ළඟා වීමට සහ ඇගේ සිහින සැබෑ කර ගැනීමට අවස්ථාව ලැබිය යුතු බව මතක තබා ගන්න. බර්මින්හැම් වෙත සාදරයෙන් පිළිගනිමු යැයි පැවසීම දැන් මගේ ගෞරවයයි!
ඇය ක්‍රීඩාව සමඟ අධ්‍යාපනය ද කාන්තාවට හිමි විය යුතු සමාජ අයිතියද පාහමින් බර්මින්ග්හැම් ආමන්ත්‍රණය කළේ ඒ ආකාරයටය.පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ආරම්භයට පදනම් වූ යටත් විජිත ආකල්පයක් ඇතත් අද එය සංස්කෘතික සංඛේතයක් බවට පත් වී ඇත.චාල්ස් කුමරු ආරම්භක ප්‍රකාශය කරන්නේ ඒ හිස් තැන පිරවීමටය.එහෙත් එහි වේදිකාවට මිනිසුන් සමාන විය යුතු බව කියන හඬ නඟන මලාලාට වැඩි ගෞරවයක් දෙමින් ඉඩ හැඳෙන්නේය.ක්‍රීඩාවද අධ්‍යාපනිකය.එයද අයිතියකි.එය ලෝකයට කියන බිමේ ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද ඇත.ඒ මොහොතේම පවුල් පිටින් පැමිණ ටොරිංටන් ක්‍රීඩාංගණයේ සිය අයිතිය අහිමි කර තිබීම ගැන පවුල් පිටින් වැළපෙමින් සිටි මලල ක්‍රීඩක කණ්ඩායමක්ද සිටියහ.මලාලාගේ හඩට එකතු වූ වචනවලින් ඔබ්බට මලාලාට විෂය වූ කරුණු මේ පොළව කියවන්නේනම් කෙතරම් යහපත් දැයි සිතෙන්නේ එවැනි තත්ත්වයන් යටතේය.
කෙසේ වුව මානව සමාජයට ආදරය කරන ක්‍රීඩාවක් වෙනුවෙන් ලෝකයේ ක්‍රීඩා නායකත්වය කැපවෙන බව කියන්නට මලාලාගේ කපා කොටා වෙඩි තබා නැවතිය නොහැකි වූ ආදරණිය හඩ බර්මින්ග්හැම් හි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ක්‍රියාත්මක ඇලේකසැන්ඩ්‍රා ක්‍රීඩාංගණයේ රැව් පිළිරැව් දෙන්නට සැළස්වීම ආදරයෙන් අනුමත කළ යුතුය.ක්‍රිඩාවේ ක්‍රියාකාරි ආකර්ශණීය හැඩතල මානවවාදී දේශපාලනයේ හැඩය සහිතව ව්‍යාප්ත වෙමින් වෙනස්කම් සහිත සමාජය සමානත්මතාවයේ පිළිඹිබුවක් බවට පත් කරන්නට යොදා ගැනීමට සූදානම් බව මලාලාගේ සහභාගීත්වය තුළින් දකින්නට හැකි විම විවිධ දේශ සීමාවන් හී සිට පැමිණි ක්‍රීඩා කණ්ඩායම්වලට රැඟෙන යන්නට ලැබුණු උතුම් හැඟීමකි.ක්‍රීඩාවේ ඒ දේශපාලන පිම්ම ක්‍රිඩාවේ සියලු පිමි වලටත් වඩා අලංකාර හැඩතල මිනිස් බැදීම්වල ඇති කරද්දි ක්‍රීඩාව තවත් ලස්සන වෙනු ඇත.දවසක ඇලෙක්සැන්ඩ්‍රා පිටියේදි මලාලා එහි ආරම්භක සංඥාව දුන් බව හැඟෙනු ඇත.එය ඇයට නොබෙල් ත්‍යාගයට වඩා පකිස්තාන දේශ සීමවෙන් එපිට සමස්ත ලෝකයම ආදරයෙන් නැහැවෙනු දැක සිනාසෙන්නට අවස්ථාවක් වෙන්නේනම්….ක්‍රීඩාව කෙතරම් ලස්සනද කියා මලාලාම අසනු ඇත.

RM

මලලා යුසුෆ්ෂායි ඇයට පරම්පරාවෙන් උරුම නමය.නමුත් බොහෝ දෙනෙක්ට ඇය අද මලාලා යුසුෆ් වි ඇත්තේ එය වහරන්නට පහසු නිසාය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි