×

පොසිල ඉන්ධන භුමියේ ඉතිරි ක​ළ යුතුයි

මේ වසරේ ග්ලාස්ගෝහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවේදී ආරම්භ කිරීමට නියමිත කොස්ටාරිකා සහ ඩෙන්මාර්කය විසින් සකස් කරන ලද පාරිසරික සන්ධානයක් ඇතුළුව පොසිල ඉන්ධන නිස්සාරණය මුළුමනින්ම නැවැත්වීම සඳහා වූ සෘ​ජු ජාතික ප්‍රතිපත්තියක් පර්යේෂකයන්ගේ බලාපොරොත්තුවයි.


ගෝලීය උණුසුම 1.5C ට අඩු මට්ටමක පවත්වා ගැනීම සඳහා තෙල් හා ගෑස් සංචිත වලින් 60% ක් සහ ගල් අඟුරු වලින් 90% ක් පමණ භූමියේ පැවතිය යුතු බව විද්‍යාඥයෝ පවසති.

මෙම පුරෝකථනය සඳහා පදනම් වී ඇත්තේ ගෝලීය බලශක්ති සැපයුම සහ ඉල්ලුම පිලිබඳව සිදු කල විශ්ලේෂණයකට අනුවයි.විද්‍යාඥයන් පවසන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම, එය 1.5C දක්වා සීමා කිරීම, දේශගුණික විපර්යාසයන්ගේ භයානක අනතුරු වළක්වා ගැනීමට සියල්ලන්ම ලෝකයට උදව් කලයුතු බවයි.ගෝලීය වශයෙන් පර්යේෂකයින් ගණනය කළේ, පොසිල ඉන්ධන නිෂ්පාදනය 2020 දී ඉහළ මට්ටමක පවතින බවත්, 2050 වන තෙක් සෑම වසරකම 3% ක ස්ථාවර අඩුවීමක් සිදු විය යුතු බවත් ය.LONDON’S GLOBAL UNIVERSITY යේ බලශක්ති පද්ධති පිළිබඳ මහාචාර්ය ආචාර්ය ස්ටීව් පයි බීබීසී ප්‍රවෘත්ති සේවයට පැවසුවේ “කොවිඩ් වසංගතය තුළින් නිෂ්පාදනයේ විශාල පහත වැටීමක් අපි දැක ඇත්තෙමු – නමුත් එය ආපසු හැරෙමින් තිබේ.“ යන්නයි.

මෙම සමික්ෂනයේදි කොපමණ ශක්තියක් අවශ්‍යද සහ කාබන් විමෝචනයේ සීමාව කුමක් විය යුතුද යන්න පිළිබඳව අවධානය යොමු විය.මිට පෙර නේචර් සඟරාව මගින් සිදුකල අධ්‍යයනය මගින් 2050 වන විට ගෝලීය වශයෙන් අවශ්‍ය වන තෙල් හා ගෑස් නිෂ්පාදනයේ පහත වැටීමක් දක්නට ලැබේ.

මේ වසරේ ග්ලාස්ගෝහි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවේදී ආරම්භ කිරීමට නියමිත කොස්ටාරිකා සහ ඩෙන්මාර්කය විසින් සකස් කරන ලද පාරිසරික සන්ධානයක් ඇතුළුව පොසිල ඉන්ධන නිස්සාරණය මුළුමනින්ම නැවැත්වීම සඳහා වූ සෘ​ජු ජාතික ප්‍රතිපත්තියක් පර්යේෂකයන්ගේ බලාපොරොත්තුවයි.

bbc.comවෙතින්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි