×

බංග්ලාදේශ්හි ජාතික අභිමානයේ සංකේතය.

පාලමේ ආර්ථික බලපෑම නිරිතදිග කලාපයේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතය (GDP) සියයට 2.5 කින් සහ රටේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතය සියයට 1.23 කට වඩා වැඩි කිරීමට උපකාරී වනු ඇති බව අපේක්ෂා ‌කෙරේ.


බංග්ලාදේශයේ ඩකා අගනුවර සිට ඌන සංවර්ධිත නිරිතදිග කලාපයට සම්බන්ධ කරන ඩොලර් බිලියන 4 කට ආසන්න මෙගා ව්‍යාපෘතිය වන පද්මා පාලම අගමැති ෂීක් හසීනා විසින් ඊයේ (25) දින විවෘත කිරීමට සමත් විය. මෙය දකුණු ආසියානු ජාතියේ ඉතිහාසයේ වැදගත් අවස්ථාවක් සනිටුහන් කරන බව බංග්ලාදේශ් රජය විසින් නිවේදනය කර තිබේ.

කිලෝමීටර් 6.15km (සැතපුම් 3.82)රටේ නිරිත දෙසින් දිස්ත්‍රික්ක 21 ක් ඩකා සමඟ මාර්ග හා දුම්රිය හරහා සම්බන්ධ කිරීම සඳහා ආරම්භ කරන මෙම ව්‍යාපෘතියෙන්, ගමන් කරන කාලය සැලකිය යුතු ලෙස අඩු කර ගැනීම අපේක්ෂා කෙරේ. නිරිතදිග දිස්ත්‍රික්ක සහ ඩකා අතර කිලෝමීටර 180-300 (සැතපුම් 111-186) දුරක් ආවරණය කිරීමට සාමාන්‍යයෙන් පැය 15 සිට 22 දක්වා ගත වේ.

මෙයට ඉහළ මට්ටමේ මංතීරු හතරක අධිවේගී මාර්ගයක් සහ පහළ මට්ටමේ තනි දුම්රිය මාර්ගයක් ඇතුළත් වේ. ඉංජිනේරුවන්ගේ ආශ්චර්යක් ලෙස හඳුන්වන මෙම පාලම පිළීබඳව විශේෂඥයින් පවසන්නේ දකුණු ඇමරිකාවේ ඇමේසන් ගඟෙන් පසු වඩාත්ම “ද්‍රෝහී සහ අනපේක්ෂිත” ගංගාව පද්මා වන බැවින් පාලම ඉදිකිරීම විශිෂ්ට කාර්යයක් බවයි.

චීනයේ රජයට අයත් දුම්රිය මේජර් පාලම් ඉංජිනේරු කණ්ඩායම (RMBEG) බංග්ලාදේශ ඉංජිනේරුවන් 1,200 කගේ පමණ සහාය ඇතිව පාලම ඉදිකර ඇත. මෙය රික්ටර් පරිමාණයේ 9 ක භූමිකම්පාවකට ඔරොත්තු දෙනු ඇතැයි විශ්වාස කෙරේ.

පාලමේ ආර්ථික බලපෑම නිරිතදිග කලාපයේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතය (GDP) සියයට 2.5 කින් සහ රටේ සමස්ත දළ දේශීය නිෂ්පාදිතය සියයට 1.23 කට වඩා වැඩි කිරීමට උපකාරී වනු ඇති බවආර්ථික විද්‍යාඥ සෙලිම් රයිහාන් පවසා තිබේ. එහි ප්‍රධාන ප්‍රතිලාභය වන්නේ එය ධීවර හා කෘෂිකර්මාන්තයට ප්‍රසිද්ධ නිරිතදිග දිස්ත්‍රික්ක බංග්ලාදේශයේ ආර්ථික ජීවනාලිය වන ඩකා-චැටෝග්‍රාම් ආර්ථික කොරිඩෝවට සම්බන්ධ කිරීමට ඇති හැකියාවයි.
“පද්මා නදිය හරහා සන්නිවේදනය සහ ප්‍රවාහනය තනිකරම තොටුපළ මත රඳා පැවතුන බැවින්, නිරිතදිග දිස්ත්‍රික්කවල මෙතෙක් බොහෝ කාර්මිකකරණයක් සිදු නොවීය,” ලෙසයි ඔහු අල් ජසීරාට පවසා තිබුණේ.

බංග්ලාදේශයේ ප්‍රමුඛතම කර්මාන්තය සහ ප්‍රධාන අපනයන ආදායම නිමි ඇඳුම් අංශය මඟින් ලැබෙන අතර මෙම පාලම් ව්‍යාපෘතිය හරහා නිරිත දිග ප්‍රදේශයටද එහි බලපෑම ලැබෙනු ඇතැයි රජය අපේක්ෂා කරයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි