×

බංග්ලාදේශ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් 17ක් ජීවිතක්ෂයට.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම සඳහා ආරක්ෂ අංශ සාමාජිකයන් 600000 යොදවා තිබියදී මෙසේ ගැටුම් උත්සන්න වීම පිළිබඳව බලධාරීන් කණගාටුව පළ කර සිටී.


0″බංග්ලාදේශයේ අද පැවැතුණ මැතිවරණයේදී සිදු වූ ප්‍රචණ්ඩක්‍රියා අඩුම තරමේ 17 දෙනෙකු මිය ගොස් ඇතැයි වාර්ථා වේ. පවතින පාලනය වන ෂෙයික් හසීනාගේ පක්ෂයේ ආධාරකරුවන් සහ විරුද්ධ පක්ෂය කලීඩා ෂියාගේ පක්ෂයේ ආධාර කරුවන් ගැටීමෙන් මෙම මරණ සංඛ්‍යාව සිදු ඇති අතර එරට මැතිවරණ කොමිසම පවසන්නේ මෙවර මැතිවරණය සාමකාමී එකක් නොවූ බවයි. මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම සඳහා ආරක්ෂ අංශ සාමාජිකයන් 600000 යොදවා තිබියදී මෙසේ ගැටුම් උත්සන්න වීම පිළිබඳව බලධාරීන් කණගාටුව පළ කර සිටී.

බලධාරීන් විසින් මැතිවරණය අවසන් වන තුරු එරට අන්තර් ජාල පහසුකම තහනම් කර තිබීම මෙම ගැටුම් වලට හේතුවක් වන්නට ඇත. බීබීසී වාර්ථාකරු සඳහන් කරන ආකාරයට චිතගොන් නගරයේ ඡන්දය දැමීම ආරම්භ කරන්නටත් පෙර ඡන්ද පෙට්ටි පිරී තිබී ඇති අතර මේ පිළිබඳව බලධාරීන් සිය අදහස් ප්‍රකාශයෙන් වැළකී සිටි බව බීබීසී පුවත් සේවය පවසයි.

මෙවර මැතිවරය සඳහා ඡන්ද දායකයන් මිලියන 100ක් සුදුසුකම් ලබා ඇති අතර ප්‍රකාශ නොකළ ඡන්ද ප්‍රතිශතය මෙවර ඉතා වැඩි අගයක් ගන්නා බව වාර්තා වේ. එයට හේතුව වශයෙන් විචාරකයන් දක්වන්නේ දැඩි ආරක්ෂාවක් යොදා තිබීම මගින් ඡන්ද දායකයන් තුළ භීතියක් ඇති කිරීමට පාලක පක්ෂය ක්‍රියා කිරීමයි.

පෙර ලිපිය:

බංග්ලාදේශය දැඩි ආරක්ෂාව මැද මහ මැතිවරණයට



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි