×

බටහිර රටවල් රුසියානු තෙල් ප්‍රතික්ෂේප කිරීම පහසු නෑ!

බටහිර රටවල් රුසියානු තෙල් ප්‍රතික්ෂේප කිරිම සිදු කිරිමට ගියහොත් ජර්මනිය වෙත දිවයන සිය ප්‍රධාන ගෑස් නල මාර්ගය වසා දැමීමට සිදු වන බව බව රුසියාව පවසා තිබේ.


එරට නියෝජ්‍ය අගමැති ඇලෙක්සැන්ඩර් නොවැක් පැවසුවේ “රුසියානු තෙල් ප්‍රතික්ෂේප කිරීම ගෝලීය වෙලඳපොලේ ව්‍යසනකාරී ප්‍රතිවිපාකවලට හේතුවනු ඇති” බවත්, බැරලයක මිල ඩොලර් 300 දක්වා දෙගුණයකටත් වඩා වැඩි කිරීමට එය හේතු වන බවත්ය.

යුරෝපා සංගමයේ රටවලට එරට ගෑස්වලින් 40%ක් සහ තෙල්වලින් 30%ක් රුසියාවෙන් ලැබෙන අතර, සැපයුම අඩාල වුවහොත් ඊට පහසු ආදේශකයක් මෙතෙක් නොමැත.

රුසියානු රාජ්‍ය රූපවාහිනියකදි නියෝජ්‍ය අගමැති නොවැක් පැවසුවේ “යුරෝපීය වෙළඳපොලේ රුසියානු තෙල් වෙනුවට ආදේශකයක් ඉක්මනින් සොයා ගැනීමට නොහැකි වනු ඇති” බවයි.

ජර්මනිය සහ රුසියාව යන රටවල් දෙක සම්බන්ධ කරන නව ගෑස් නල මාර්ගයක් වන Nord Stream 2 සම්බන්ධයෙන්ද පසුගිය කාලයන්හි විවිධ මතවාද නිර්මාණය වි තිබිණි.

Nord Stream යනු රුසියාවේ සිට ජර්මනිය දක්වා බෝල්ටික් මුහුදට යටින් දිවෙන යුරෝපයේ වෙරළ සිමාව පසුකරන ස්වභාවික ගෑස් නල පද්ධතියකි.

එයට ෆින්ලන්තය අසල වයඹදිග රුසියාවේ වයිබර්ග් සිට ඇදි යන Nord Stream 1 නල මාර්ග දෙක සහ එස්තෝනියාව අසල වයඹදිග රුසියාවේ Ust-Luga සිට ඇදි යන Nord Stream 2 නල මාර්ග දෙක ඇතුළත් වේ.

සියලුම නල මාර්ග ඊසානදිග ජර්මනියේ ලුබ්ලින් දක්වා දිව යයි.

රුසියාව ලෝකයේ ඉහළම ස්වභාවික ගෑස් නිෂ්පාදකයා වන අතර ඔවුන් දෙවන ඉහළම බොරතෙල් නිෂ්පාදකයා වේ.

එරට බලශක්ති ආර්ථිකය ඉතාම බලවත් වේ.රුසියානු තෙල් ප්‍රතික්ෂේප කිරිමක් අනුගමනය කරන ලෙස යුක්රේනය බටහිර රටවලට ආයාචනා කර ඇති නමුත් එය පහසු තීරණයක් නොවේ.

පසුගිය සඳුදා Brent බොරතෙල් බැරලයක් ඩොලර් 139 දක්වා ඉහළ ගියේය. එය වසර 14 කට ආසන්න කාලයක් සඳහා වූ ඉහළම මට්ටමලෙස වාර්තා වේ.

එක්සත් රාජධානියේ පෙට්‍රල් මිල ද ලීටරයකට පවුම් 155 වන නව මිලක්ද පසුගියදා වාර්තා විය.අඟහරුවාදා ආසියානු බොරතෙල් වෙළඳාමේ බැරලයක් ඩොලර් 127 කට වඩා 3.7% කින් ඉහළ ගියේය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි