×

බයිඩන්ගෙන් ඓතිහාසික වාර්තාවක් : ජනප්‍රිය ඡන්දයෙන් 2008 වසරේදී ඔබාමා තැබූ වාර්තාව බිඳ හෙළයි

ඇමරිකානු ඉතිහාසයේ ජනාධිපති අපේක්ෂකයෙකු විසින් එදාමෙදාතුර ලබාගත් වැඩිම ජනප්‍රිය ඡන්ද සංඛ්‍යාව සඳහා දැනටමත් ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් වාර්තාවක් තබා තිබේ.


ඒ අනුව ඔහු බිඳ හෙළුවේ 2008 වසරේ ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඔබාමා විසින් ජනප්‍රිය ඡන්ද මිලියන 69.5 ක වාර්තාවයි.

මේ වන විටත් ජෝ බයිඩන්, ඡන්ද මිලියන 72 කට අධික ප්‍රමාණයක් ලබා ඇති අතර, එම ප්‍රමාණය තවදුරටත් වැඩි වීමට නියමිත ය. ඒ, දැනට ප්‍රකාශයට පත් වීමට නියමිත ජනපද 5 හි ඡන්ද ප්‍රතිඵල සමග ය.

2008 දී බරාක් ඔබාමා

ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වයත් වැඩි වෙලා!

මේ අතර, රිපබ්ලිකන් අපේක්ෂක ට්‍රම්ප් ද 2016 දී වාර්තා කළ ඡන්ද මිලියන 67 දැනටමත් ඉක්මවා ගොස් තිබෙන්නේ මිලියන 68කට අධික ඡන්ද ප්‍රමාණයක් වාර්තා කරමිනි. මේ සංඛ්‍යාව ද තවදුරටත් වැඩි වනු ඇත.

දේශපාලන නිරීක්ෂකයන්ට අනුව ජෝ බයිඩන් සමස්ත ප්‍රතිඵලය තුළ ජනප්‍රිය ඡන්ද 52%ක් අවම වශයෙන් ලබාගනු ඇතැයි පැවසේ.

ඉතිහාසයේ වැඩිම ඇමරිකානුවන් පිරිසක් ඡන්දය ප්‍රකාශ කළ මැතිවරණය මෙයයි

මෙම අපේක්ෂකයන් දෙදෙනාගේම ඡන්ද පදනම ඉහළ යාමට ප්‍රධාන හේතුවක් ලෙස සැලකෙන්නේ ඉතිහාසයේ වැඩිම පිරිසක් ඡන්දය ප්‍රකාශ කළ මැතිවරණය බවට මෙය පත් ව තිබීමයි. මෙයට පෙර මෙම අගය 65%ක් වූයේ 1908 වසරේදී ය. නමුත් 2020 වසරේදී ඡන්දය දැමීමට සුදුසුකම් ලැබූ පිරිස මිලියන 160 ක් වූ අතර, එයින් 67%ක් ඡන්දය ප්‍රකාශ කර ඇති බවට සැලකේ.

පෙර ලිපිය

Update: ට්‍රම්ප් ආධාරකරුවෝ ආයුධ සන්නද්ධව ඡන්ද ගණන් කිරීමේ ස්ථාන වටලති

ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳ සියලු පෙර ලිපි මෙතැනින් කියවන්න
#uselection2020



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි