×

බයිඩන්ගේ කොවිඩ් සහන පනතට ට්‍රම්ප් සහය නොදෙන ලකුණු – පනත හාස්‍යයට ලක්කරමින් වීඩියෝවක් මුදාහරී

ඇමරිකානු කොන්ග්‍රසය විසින් සම්මත කරගත් කොවිඩ් 19 සහන පනතට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහය නොදෙන තත්ත්වයක් මතුව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි. 


 

ඇමරිකානු කොන්ග්‍රසය විසින් සම්මත කරගත් කොවිඩ් 19 සහන පනතට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහය නොදෙන තත්ත්වයක් මතුව තිබෙන බව එරට මාධ්‍ය වාර්තා පෙන්වාදෙයි.

ට්විටර් ඔස්සේ වීඩියෝ පණිවුඩයක් තබමින්  ට්‍රම්ප් සඳහන් කරන්නේ එම පනත අපකීර්තිමත් සහ නාස්තිකාර අයිතමවලින් පිරී ඇති බවයි.

එය කොවිඩ් සහන පනත ලෙස හැඳින්වුවද ඊට කොවිඩ් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි ඔහු සඳහන් කරන්නේ.

තවදුරටත් ඔහු වීඩියෝ පණිවිඩය හරහා පවසා තිබෙන්නේ තමන් වෙත සුදුසු පනතක් එවන ලෙසයි. එසේ නැත්නම් ඊළඟ පරිපාලනය වෙත කොවිඩ් සහන පනතක් යොමු කළ යුතු වන අතර ඇතැම් විට එයද තමන් විසින්ම සිදුකරනු ඇති බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

කොන්ග්‍රසයේ සහන පනතට අනුව දීමනාව ඩොලර් 600 සිට ඩොලර් 2000 දක්වා හෝ යුවලක් වෙනුවෙන් ඩොලර් 4000ක් දක්වා හෝ වැඩි කරන ලෙසද  ජනාධිපති ට්‍රම්ප් කොන්ග්‍රසය වෙත දැනුම්දෙයි. එමෙන්ම නාස්තිකාර හා අනවශ්‍ය අයිතම ඉවත්කරන ලෙසද අවධාරණය කර තිබේ.

මීට ඉහතදී එම පනතට සහය දක්වන තීරණයේ ට්‍රම්ප් සිට ඇතත් දැන් එම ස්ථාවරය වෙනසකට ලක්ව ඇති අතර ඔහුගේ කණ්ඩායමේ බොහෝ දෙනාද එම පනත ප්‍රතික්ෂේප කරමින් අදහස් දක්වා ඇති බවයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ප්‍රකාශය ධවල මන්දිරයේ සිට පටිගත කර එය සමාජ මාධ්‍යයට මුදා හැර ඇති අතර ඔහුගෙන් ප්‍රශ්න විමසීමට මාධ්‍යට අවස්ථාවක් ලැබී නැති බවද සඳහන්.

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි