×

බයිඩන්ගේ ඩොලර් ට්‍රිලියන 1.9ක කොවිඩ් සහන පැකේජය සම්මත වෙයි

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් විසින් ඉදිරිපත් කර තිබෙන ඩොලර් ට්‍රිලියන 1.9ක කොවිඩ් සහන පැකේජය කොංග්‍රස් මණ්ඩලය අනුමත කර තිබේ.


ඒ අනුව කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහන,කොවිඩ් 19 හඳුනාගැනීම සඳහා වන පරීක්ෂණ ඉහළ නැංවීමට මෙන්ම එය ආර්ථික ස්ථායීකරණය සඳහා ද යොදා ගැනීමට ඇමරිකානු රජය බලාපොරොත්තු වෙයි.

මෙම සහන පැකේජයෙන් ප්‍රාන්ත රාජ්‍යයන් සඳහා, කුඩා ව්‍යාපාර සඳහා හදිසි මූල්‍යාධාර ලබා දීමට ද සැලසුම් කර තිබෙන අතර වසංගත තත්ත්වය හේතුවෙන් එරට මිලියන 10ක පමණ රැකියා අහිමි වී තිබෙන බවද විදෙස් වාර්තා සඳහන් කරයි.

විරැකියා අනුපාතය 10%ක් දක්වා වැඩි වී ඇති සඳහන්.

මේ වන විට වෛරසය ආසාදනය වීම නිසා ඇමරිකාව තුළ මරණ 523,092ක් සිදුව ඇති බවයි වාර්තා කර ඇත්තේ.

වෛරසය ආසාදනය වූවන් 29,137,887 ලෙස දැක්වෙයි.

මෙවැනි තත්ත්වයක් තුළයි බයිඩන් සිය සහන පැකේජය සම්මත කරගෙන ඇත. .

ASK for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි