×

බයිඩන්ගේ දිවුරුම් දීම වෙනුවෙන් ‘වොෂින්ටන් යුධ පිටිය‘ සූදානම්!

තව පැය කිහිපයකින් ඇමරිකාවේ 46 වැනි ජනපතිවරයා ලෙස දිවුරුම් දීමට ජෝ බයිඩන් ද, උප ජනපතිවරිය ලෙස කමලා හැරිස් ද සූදානම් වන හෙයින් මේ වන විට වොෂින්ටනය දිස්වන්නේ යුධ පිටියක් සේය.


බොහෝ මාධ්‍ය විසින් මේ තත්වය ‘‘පෙර නොවූ විරූ සහ කිසිදා බලාපොරොත්තු නොවූ තරම් දැඩි ආරක්ෂක මුරකාවල් යෙදූ‘ අවස්ථාවක් ලෙස විග්‍රහ කරති.

කොන්ක්‍රීට් ස්ලැබ් යොදමින් කැපිටල් හිල් ප්‍ර දේශය වට කර ඇති අතර, සන්නද්ධ හමුදාව ඇතුළු ඇමරිකානු ආරක්ෂක අංශ ආයුධ සන්නද්ධව සීරුවෙන් පසුවෙති.

පදවි ප්‍රාප්ති උත්සවයෙන් වැඩි කොටස, කෝවිඩ් වසංගත තත්වය හේතුවෙන් වර්චුවල් ලෙස පැවැත්වීමට කටයුතු යොදා ඇතත්, ජාතික මුර භටයන් 20,000 ක් භෞතික ලෙස ආරක්ෂාව සඳහා යෙදවීමට තරම්, ට්‍රම්ප් විසින් උසි ගන්වා තිබෙන අන්තවාදය දරුණු වී ඇත.

පදවි ප්‍රාප්ති උත්සවය වේලාවේ නගරයෙන් ඉවත් වන්න!

වොෂින්ටන් නගරාධිපති මුරෙයිල් බෝසර් (Muriel Bowser) නගර වැසියන්ගෙන් එක හෙළාම ඉල්ලා සිටින්නේ ‘‘පදවි ප්‍රාප්ති උත්සවය වේලාවේ නගරයෙන් ඉවත්ව සිටින්න‘‘ යනුවෙනි.

ඇමරිකානු ඉතිහාසයේ අන් කවරදාකවත් නොතිබුණු ආකාරයේ දැඩි ආරක්ෂාවක් ඇමරිකාවේ නව ආණ්ඩුව පිහිටුවන අවස්ථාවේදී යෙදීමට සිදුව තිබෙන්නේ ජනවාරි 6 වැනිදා ඇති වූ කැපිටල් හිල් ප්‍රහාරයත් සමගිනි. එහිදී පොලිස් භටයෙකු ඇතුළු 5 දෙනෙක් මරණයට පත් වූ අතර, විශාල මහජන දේපළ විනාශයක් සිදුවිය.

තමන්ට ජන වරම අහිමි වූයේ ‘කුමන්ත්‍රණයක් නිසා යැයි‘ ට්‍රම්ප් කියූ බස අදහමින් ඇමරිකාවේ කොංග්‍රස් ගොඩනැගිල්ල වෙත කඩා වැදුණු ට්‍රම්ප් ආධාරකරුවන් නිසා මුළු රටම දැන් පවතින්නේ අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳ අර්බුදයක ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි