×

බයිඩන්ගේ පදවි ප්‍රාප්තිය දා නගර ආරක්ෂාවට 28,000 ක මුරභට සේනාවක්

තව දින 2කින් උදා වන ජෝ බයිඩන්ගේ පදවි ප්‍රාප්තිය දිනයේ වොෂින්ටන් නුවර ආරක්ෂාව තහවුරු කිරීම සඳහා 28,000 කින් යුක්ත ජාතික මුරභට සේනාංකය යෙදවීමට තීරණය කර තිබේ.


මෙම තීරණය ගෙන තිබෙන්නේ FBI නියෝගයකට අනුව ය.

වොෂින්ටන් DC නගරයෙන් අභ්‍යන්තර සන්නද්ධ ප්‍රහාරයක් එල්ල වීමට ඇති හැකියාව මෙම තත්වයට හේතු වී තිබේ.

අන්ත දක්ෂිණාංශික කණ්ඩායම් සුළු වශයෙන් වුවත් පසුගිය දින කිහිපය තුළ ද උද්ඝෝෂණවල යෙදෙන ආකාරය දැකගත හැකි වූ අතර, ඒ අනුව මෙය කිසිසේත්ම නොසලකා හැරිය හැකි අවදානමක් නොවන බව ඇමරිකානු ෆෙඩරල් රහස් ඔත්තු සේවයේ මතයයි.

ජනවාරි 6 වැනිදා කැපිටල් හිල් කොංග්‍රස් ගොඩනැගිල්ලට එල්ල වූ මැර ප්‍රහාරයෙන් පසුව මේ වන විට රජයේ ගොඩනැගිලි අවට විශේෂ ආරක්ෂාවක් සපයා තිබේ.

මීට පෙර ෆෙඩරල් රහස් ඔත්තු සේවය අනතුරු අඟවා තිබුණේ ඇමරිකාවේ ජනපද 50 තුළම ප්‍රචණ්ඩකාරී තත්වයක් ට්‍රම්ප් හිතවාදී මැර කල්ලි විසින් සංවිධානය කෙරෙමින් පවතින බවටයි.

ප්‍රධාන ඡායාරූපය – ‘Boogaloo Bois’ අන්තවාදී කණ්ඩායමේ සාමාජිකයන් ජෝ බයිඩන්ගේ පදවි ප්‍රාප්තියට විරුද්ධව ජනවාරි 17 වැනිදා මිචිගන් හි දී විරෝධය පළ කරමින් සිටියේ මෙසේ ය. Photograph: Rebecca Cook/Reuters



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි