×

බයිඩන්ගේ සවුදි අරාබි සංචාරය ස්ථිරයි.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ මැද පෙරදිග සංචාරය පිළිබඳ තොරතුරු ධවල මන්දිරය විසින් තහවුරු කර ඇත. ඔහුගේ ප්‍රථම මැද පෙරදිය සංචාරය මෙය වන අතර එහි දී දශක අටක් තිස්සේ එක්සත් ජනපදයේ උපායමාර්ගික හවුල්කරුවෙකු වූ සෞදියේ ඔටුන්න හිමි කුමරුවන මොහොමඩ් බින් සල්මාන් (MBS) හමුවීමටද අපේක්ෂා කෙරේ. මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය පිළිබඳ චෝදනාවන් සෘජුවම එක්සත් ජනපද ඔත්තු […]


එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ මැද පෙරදිග සංචාරය පිළිබඳ තොරතුරු ධවල මන්දිරය විසින් තහවුරු කර ඇත. ඔහුගේ ප්‍රථම මැද පෙරදිය සංචාරය මෙය වන අතර එහි දී දශක අටක් තිස්සේ එක්සත් ජනපදයේ උපායමාර්ගික හවුල්කරුවෙකු වූ සෞදියේ ඔටුන්න හිමි කුමරුවන මොහොමඩ් බින් සල්මාන් (MBS) හමුවීමටද අපේක්ෂා කෙරේ.

මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය පිළිබඳ චෝදනාවන් සෘජුවම එක්සත් ජනපද ඔත්තු සේවා විසින් මොහොමඩ් බින් සල්මාන් වෙත එල්ල කරන ලදි. මේ හේතුව නිසාවෙන් දෙපාර්ශවයේම හොඳ හිත පලුදුවීමට හේතූ විය. මෙම ඝාතනය සම්බන්ධයෙන් අණ කිරීම හෝ පූර්ව අනු දැනුමක් තිබූ බවට කරන චෝදනා මොහොමඩ් බින් සල්මාන් විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇත. කෙසේ වෙතත් මෙම සංචාරයෙන් නැවත දෙරට අතර හොඳ හිත ඇතිවේ යැයි ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු අනාවරණය කර ඇත.

මෙම සංචාරය දෙරටටම වඩාත් ප්‍රතිඵලදායක විය හැකි බව දේශපාලන විචාරකයෝ අදහස් දක්වති.

මෙහිදී බයිඩන් විසින් සෞදියේ තෙල් නිෂ්පාදනය ඉහළ නැංවීමට වැඩි අවධානයක් යොමු කරනු ඇති බව කියැවේ. එමෙන් ම ද්විපාර්ශ්වික, කලාපීය සහ ගෝලීය ගැටලු මෙහිදී සාකච්ජා කෙරෙනු ඇත. මීට අමතරව මෙම සංචාරයේම දිගුවක් ලෙස ගල්ෆ් සහයෝගිතා කවුන්සිලයේ (GCC) සහ ඊජිප්තුව, ඉරාකය සහ ජෝර්දානයේ පවතින සම්මන්ත්‍රණ මාලාවකට බයිඩන් සම්බන්ධ වීමට අපේක්ෂා කරන බව ධවල මන්දිරය කරන ලද නිවේදනයේ සඳහන් වේ.

මෙම සංචාරයේ දී බයිඩන් මුලින්ම ඊශ්‍රායලයට යාම අපේක්ෂා කෙරේ. එහි දී අගමැති නෆ්තාලි බෙනට් හමුවනු ඇත, මෙහිදී විශේෂයෙන්ම දෙපාර්ශවය විසින් ඊශ්‍රායලයේ ආරක්ෂාව සඳහා වූ අයෝමය කැපවීම නැවත තහවුරු කරනු ඇත. එමෙන් ම එක්සත් ජනපද ආධාර පිළිබඳව ද සාකච්ඡා වනු ඇත. ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් අල් ජසීරා මාධ්‍යවේදිනී ෂිරීන් අබු අක්ලේ ඝාතනය කිරීම ඇතුළු පලස්තීනුවන්ට එරෙහි මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් පුලුල් හෙලාදැකීමක් තිබියදීත්, එක්සත් ජනපදය සෑම වසරකම ඊශ්‍රායලයට ඩොලර් බිලියන 3.8 ක පමණ කොන්දේසි විරහිත ආධාර සපයා ඇත. මීට අමතරව ඊශ්‍රායලය මැද පෙරදිගට ඒකාබද්ධ කිරීමට සහ සමස්ත කලාපයේ සමෘද්ධිය වැඩි කිරීමට එක්සත් ජනපදය ගෙන ඇති පියවර පිළිබඳ සාකච්ජා කෙරෙන අතර දෙරට අතර අන්තර් ජාතික සබඳතා වඩාත් ගැඹුරුවනු ඇතැයි විශ්වාස කෙරේ.

ඉන් අනතුරුව බටහිර ඉවුරේදී, බයිඩන් මහමුද් අබ්බාස් ඇතුළු පලස්තීන අධිකාරියේ නිලධාරීන් හමුවීමට නියමිතය. පලස්තීන ජනතාවට සමාන ආරක්ෂාව, නිදහස සහ අවස්ථාවන්හි පිළිබඳ සාකච්ජා කෙරෙනු ඇති බව ධවල මන්දිරය විසින් තොරතුරු අනාවරණය කර ඇත.

නව සහ පොරොන්දු වූ යටිතල පහසුකම් සහ දේශගුණික මුලපිරීම් ඇතුළුව කලාපීය ආර්ථික සහ ආරක්ෂක සහයෝගීතාව පුළුල් කිරීම සඳහා මෙන්ම මානව හිමිකම් ඉදිරියට ගෙනයාමට සහ ගෝලීය බලශක්ති, ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සඳහා ද මෙම සංචාරය වැදගත් වනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය තොරතුරු අනාවරණය කර තිබේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි