×

බයිඩන්ගේ හා මැකාතිගේ හවුල්කාර පනතට නියෝජිත මන්ත්‍රි මණ්ඩලයේ සහය

පනත මඟින් ඉදිරි වසර දහය තුළ අයවැය හිඟය ඩොලර් ට්‍රිලියන 1.5 කින් අඩු කරනු ඇති බවත්, ශුද්ධ ආදායම, 2023-2033 කාලපරිච්ඡේදය තුළ ඩොලර් බිලියන 2 කින් අඩු වනු ඇත.


ඇමරිකා එක්සත් ජනපදයට ජූනි 5 වන විට ණය ගෙවීමට මුදල් නොමැතිබව පසුගියදා භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කිරීමත් සමඟ එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ සභා කථානායක කෙවින් මැකාර්ති විසින් 2025 ජනවාරි 1 වන දින දක්වා ජාතියේ ණය සීමාව අත්හිටුවීමේ පනතක් වෙනුවෙන් පොදු එකඟතාවයකට පැමිණෙන ලදි. ඒ වෙනුවෙන් ඉදරිපත්කරන ලද පනත නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් ද අනුමත කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව පක්ෂව ලැබුණු ඩිමොක්‍රටික්ස් හා රිපබ්ලිකන් ඡන්ද 314කින් එය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙන් අනුමත විය.

පනත අත්සන් කිරීම සඳහා ජනාධිපති ජෝ බයිඩන් වෙත යැවීමට පෙර මීළඟට සෙනෙට් සභාව විසින්ද එය සම්මත කළ යුතු අතර එය හැකි ඉක්මනින් සම්මත කර තමාවෙත එවන මෙන් ජනාධිපති බයිඩන් විසින් ඉල්ලා තිබේ.

මෙම පනත් කෙටුම්පත මඟින් පනත් කෙටුම්පත ආරක්ෂක නොවන වියදම් සීමා කිරීම සමහර ආහාර මුද්දර ලබන්නන් සඳහා වැඩ අවශ්‍යතා පුළුල් කිරීම සහ අනෙකුත් ප්‍රතිපත්ති ප්‍රතිපාදන අතර සමහර Covid-19 සහන අරමුදල් ආපසු ලබා දීම අපේක්ෂා කරයි. කොන්ග්‍රස් අයවැය කාර්යාලයට අනුව කතානාරයක කෙවින් මැකාති මේ සම්බන්ධයනේ මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, පනත ඉදිරි වසර දහය තුළ අයවැය හිඟය ඩොලර් ට්‍රිලියන 1.5 කින් අඩු කරනු ඇති බවත්, ශුද්ධ ආදායම, 2023-2033 කාලපරිච්ඡේදය තුළ ඩොලර් බිලියන 2 කින් අඩු වනු ඇති බවත්ය.

සශිකලා මධුෂාණී_

සබැඳි ලිපි :



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි