×

බයිඩන් දැනට ඉදිරියෙන් – අතිශය තියුණු තරගයක්

මේ වන විට ඉලෙක්ට්‍රෝරල් කොලෙජ් (මැතිවරණ විද්‍යාලයේ) ලබාගත යුතු ඡන්ද 270 අතරින් බයිඩන් 224 ක් ද ට්‍රම්ප් 213 ක් ද වශයෙන් දිනා සිටියි.


මේ අනුව පවතින්නේ අතිශය තියුණු තරගයකි.

 

ඇරිසෝනා, මිචිගන්, පෙන්සිල්වේනියා සහ විස්කොන්සින් යන ජනපද වල ප්‍රතිඵල තවම නිකුත් වී නැති අතර, ඇමරිකාවේ මීළඟ ජනපතිවරයා කවුදැයි තීරණය කිරීමට ඒවා විශාල බලපෑමක් සිදුකරනු ඇත.

මෙම ප්‍රතිඵලයකට පැය කිහිපයකට පෙර බයිඩන් ඉදිරියෙන් සිටියේ 215-171 වශයෙනි. නමුත් සීඝ්‍රයෙන් තත්වය වෙනස් වෙමින් තිබෙන අතර අවසන් ප්‍රතිඵලය සම්බන්ධයෙන් පවතින්නේ දැඩි අවිනිශ්චිතභාවයකි.

මේ අතර මේ වන විට නිකුත් වී ඇති ප්‍රතිඵලවලට අනුව වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන තිබෙන්නේ ජෝ බයිඩන් ය. ඔහු මිලියන 63.5කගේ මනාපය ලබා ඇති අතර, ට්‍රම්ප් ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය මිලියන 61.9 කි.

මේ අනුව 2016 ජනාධිපතිවරණයේදී ජනප්‍රිය ඡන්දයෙන් ජයග්‍රහණය කළ නමුත් මැතිවරණ විද්‍යාලයේ බහුතරය දිනාගැනීමට සමත් නොවූ ඩිමොක්‍රටික් අපේක්ෂිකා හිලරි ක්ලින්ටන් හට අත් වූ ඉරණම ම ජෝ බයිඩන් හට අත්වීමට ද ඉඩ ඇති බව විශ්ලේෂකයෝ පවසති .



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි