×

බ්‍රසීලයේ දිනක් තුළ සිදු වූ වැඩිම කොවිඩ් මරණ ගණන වාර්තා වෙයි

කොවිඩ් 19 වසංගතය ආරම්භයේ පටන් මේ දක්වා කාලය තුළ බ්‍රසීලයේ දිනකට වාර්තා වූ වැඩිම කොරෝනා මරණ  ඊයේ (09) වාර්තා වී තිබේ. 


ඒ කොරෝනා මරණ 1972ක් ලෙසය.

මේ දක්වා බ්‍රසීලය තුළ කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා 268,370ක් වාර්තා වී ඇති බවයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

ඊයේ දිනයේදී එරටින් නව ආසාදිතයින් 70,764ක් හඳුනාගෙන තිබෙන අතර සමස්ත ආසාදිතයින් 11,122,429ක් දක්වා ඉහළ ගොස් ඇති බවද සඳහන්.

බ්‍රසීලයේ සාවෝ පාවුලෝ ප්‍රාන්තයේ කොවිඩ් අවදානම ඉහළ යමින් තිබෙන අතර එම ප්‍රාන්තයෙන් මරණ 62101 ක් පමණ මේ වන විට වාර්තා වී ඇති බවද එරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර ඇත.

එම ප්‍රාන්තයේ මේ වන  විට තහවුරු කරගෙන තිබෙන ආසාදිතයින් ගණන සමස්ත ආසාදිතයින් 2,134,020 ඉක්මවා ඇති බවද දැක්වෙයි.

ASK for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි