×

බ්‍රිතාන්‍යයෙන් මන්කිපොක්ස් රෝගීන් 104 වාර්තා කරයි. ඉන් වැඩි පිරිසක් පිරිමින්.

මන්කිපොක්ස් (monkeypox) යනු, වසූරිය වෛරසය ඇතුළත් පවුලේම වෛරස් ප්‍රභේදයක් බව විද්‍යාඥයෝ අනාවරණය කර තිබේ. මෙය වසූරිය තරම් තදබල රෝගයක් නොවනමුත් එහි ඇතිවන යම් යම් සංකූලතා හේතුවෙන් මෙය සුළුකොට තැකීම සුදුසු නොවන බව ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර තිබේ. මන්කිපොක්ස් රෝගීන් අතර උණ, හිසරදය, තුනටියේ වේදනාව, උදාසීන බව, ඉදිමුණ වසා ගැටිති ආදී රෝග ලක්ෂණ මුල් අදියරේ දක්නට […]


මන්කිපොක්ස් (monkeypox) යනු, වසූරිය වෛරසය ඇතුළත් පවුලේම වෛරස් ප්‍රභේදයක් බව විද්‍යාඥයෝ අනාවරණය කර තිබේ. මෙය වසූරිය තරම් තදබල රෝගයක් නොවනමුත් එහි ඇතිවන යම් යම් සංකූලතා හේතුවෙන් මෙය සුළුකොට තැකීම සුදුසු නොවන බව ඔවුන් තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

මන්කිපොක්ස් රෝගීන් අතර උණ, හිසරදය, තුනටියේ වේදනාව, උදාසීන බව, ඉදිමුණ වසා ගැටිති ආදී රෝග ලක්ෂණ මුල් අදියරේ දක්නට ලැබේ. උණ ආරම්භ වී දින එකක් හෝ තුනක් ඇතුළත සම තුළ දදයන් ඇතිවේ. ඒවා ශරීරය පුරා දක්නට ලැබෙන අතර අත්ලෙහි පත්ලෙහි වැඩිපුර දක්නට ලැබේ. මේවා තද කසන ගතියකින් යුක්තය. මෙම දද ඉක්මනින් වෙනස් වීමට ලක්වන අතර දද ආශ්‍රිත සම ගැලවී තුවාල බවට පත්වේ. ආසාදනයට ලක්ව දින 14ත් 21ත් අතර මේවා කෙමෙන් පහව යයි.
වෛරසය ආසාදිත වඳුරන්, මීයන්, හෝ කුඩා සතුන් දෂ්ට කිරීමෙන් මිනිසුන්හට ආසාදනය වනු ඇති බව විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබේ. මීට අමතරව උවදුර ආවේණික ප්‍රදේශවල සංචාරයෙන් මෙය පුදුගලයන් වෙත සම්ප්‍රේෂණය වෙතැයි සැලකේ.මෙම වෛරසය ආසාදිත වඳුරන් අප්‍රිකාවේ නිවර්තන වැසි වනාන්තර ආශ්‍රිතව හඳුනාගෙන ඇති අතර ඔවුන් ආශ්‍රයෙන් වෛරසයේ ප්‍රභේද දෙකක් ඇති බව විද්‍යාඥයන් හඳුනාගෙන තිබේ. ඒ අනුව එම ප්‍රභේද දෙක බටහිර අප්‍රිකා ප්‍රභේදය හා මධ්‍යම අප්‍රිකා ප්‍රභේදය වශයෙන් නම් කර ඇත.

මේ වන විට අප්‍රිකාවට අමතරව වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ස්පාඤ්ඤය, ජර්මනිය සහ කැනඩාවෙන් ය. මීට අමතරව රටවල් 28ක් පුරා රෝගීන් 1,285 වාර්තා වී ඇති අතර අප්‍රිකාවෙන් පිටත කිසිදු මරණයක් වාර්තා වී නොමැත. අප්‍රිකානු කලාපයේ රටවල් අටකින් මරණ 72ක් වාර්තාව ඇත. අලුත උපන් බිළිඳුන්, ප්‍රතිශක්තීකරණ ඌණතා ඇති පුද්ගලයන්, මෙම වෛරසය වැළඳීමෙන් වන සංකූලතා හේතුවෙන් මරණයට පවා ලක් විය හැක. මෙම උවදුර උග්‍ර වීමෙන් ඇතිවන සංකුලතා අතර සමේ ආසාදන, නිවුමෝනියා, ඇස්වල ආසාදන ඇතුලත් වේ. ඇස් ආසාදනය වීමෙන් පෙනීම නැති වී යා හැක. මෙය අප්‍රිකාවේ මධ්‍යම හා බටහිර කලාපයට ආවේණික රෝගයක බවට පත්ව ඇත.

අප්‍රිකාවෙන් ඔබ්බෙහි මන්කිපොක්ස් රෝගීන් 104ක් බ්‍රිතාන්‍යයෙන් හඳුනාගෙන ඇති බව බ්‍රිතාන්‍ය සෞඛ්‍ය නිලධාරීන් විසින් ප්‍රකාශයට පත් කර තිබේ. අප්‍රිකාවෙන් ඔබ්බෙහි විශාලතම වාර්තාවීම මෙය බව ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශ කර තිබේ.

එක්සත් රාජධානියේ සෞඛ්‍ය වාර්තාවන්ට අනුව මේ දක්වා වාර්තා වූ රෝගීන්ගෙන් 99%ක් පිරිමි වන අතර ඔවුන්ද වාර්තා වී ඇත්තේ ලන්ඩනයෙනි. මීට අමතරව එක්සත් රාජධානියේ සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය ප්‍රකාශ කර තිබුණේ රට පුරා මන්කිපොක්ස් රෝගීන් 470 පමණ සිටින බවත් ඔවුන්ගෙන් බහුතරය සම ලිංගිකයන් හෝ ද්වි ලිංගිකයන් බවයි. ආසාදිත පුද්ගලයෙකුගේ ඇඳුම් පැළඳුම්, ස්පර්ෂයන් මෙන් ම ශාරීරික සබඳතා පැවැත්වීම් මඟින් ඔිනෑම කෙනෙකුට මෙම රෝගය වැළඳිය හැකි බව විද්‍යාඥයන් අනතුරු අඟවා තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව හඳුනාගන්නා ලද රෝගීන් බහුතරයකට විකෘති රෝග ලක්ෂණ පවතියි. එය වෛද්‍යවරුන්ට රෝග විනිශ්චය කිරීම වඩාත් අපහසු විය හැකි බව ඔවුන් වැඩිදුරටත් ජාත්‍යන්තර මාධ්‍ය වෙත වාර්තා කර තිබේ.

අඛණ්ඩව වර්ධනය වෙමින් පවතින මෙම වෛරස් තත්වය වෙනුවෙන් මන්කිපොක්ස් එන්නත එක්සත් ජනපදය විසින් වැඩි වැඩියෙන් මිලදී ගන්නා බව සෞඛ්‍ය නිලධාරීන් ප්‍රකාශ කර තිබේ. එක්සත් ජනපදය සතුව මෙම ජිනොස් මාත්‍රා 72000 පමණ ඇති අතර ඉදිරි සතිය ඇතුලත තවත් මාත්‍රා 300000 ලැබෙනු ඇතැයි රජයේ හදිසි එන්නත් සහ ප්‍රතිකාර තොග අධීක්‍ෂණය කරන Dawn O’Connell පවසා ඇත.
”අපට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය එන්නත් සහ ප්‍රතිකාර අප සතුව ඇත” එක්සත් ජනපද සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවේ O’Connell පවසා ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි