×

බ්‍රිතාන්‍ය අගමැති තේරීමේ දෙවන ඡන්ද විමසීමෙන්ද රිෂි සුනක්ට පහසු ජයක්

විචාරකයන් පවසන්නේ නව අග්‍රාමාත්‍යවරයාට බ්‍රිතාන්‍යයේ ආර්ථිකයේ සර්පිලාකාර උද්ධමනය, ඉහළ ණය ,යුක්රේනයේ යුද්ධය මගින් උත්සන්න වූ බලශක්ති අර්බුදයක් තුල ඉන්ධන මිල ඉහල යාම ආදී කරුණුවලට මුහුණ දීමටත් පක්ෂය තුළ මතභේද විසඳා ගනිමින් රට ඉදිරියට ගෙන යාමට සිදු වන බවයි. 


හිටපු මුදල් අමාත්‍ය රිෂි සුනක් බ්‍රිතාන්‍යයේ මීළඟ අගමැති තේරීමේ අපේක්ෂකත්වයේ කොන්සර්වේටිව් නීති සම්පාදකයින් අතර ඉදිරියෙන්ම සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය විසින් අනාවරණය කර තිබේ.

ඔහු ඊයේ (14)දින පැවැති දෙවන ඡන්ද විමසීමෙන්ද මුල්තැනට පත්ව තිබේ. ඔහු කනිෂ්ඨ වෙළඳ අමාත්‍යවරියක වන Penny Mordaunt සහ විදේශ අමාත්‍ය Liz Truss ,හිටපු සමානාත්මතා අමාත්‍ය Kemi Badenoch සහ පාර්ලිමේන්තුවේ විදේශ කටයුතු කමිටුවේ සභාපති Tom Tugendhat ආදීන් සමඟ කන්සවේටිව් නායකත්වය වෙනුවෙන් සඳුදා දින(18) පැවැත්වීමට නියමිත තෙවන ඡන්ද විමසීම වෙනුවෙන්ද පෙනී සිටිනු ඇත.

ඊයේ (14) දින පැවැති දෙවන ඡන්ද විමසීමේදී ඡන්ද 30 සීමාවට ළඟා වීමට අපොහොසත්ව නීතිපති සුවාලා බ්‍රවර්මන් ඉවත් විය. සිය ජයග්‍රහණය පිළිබඳ රිෂී සුනක් ට්විට්හි සඳහන් කර තිබුණේ මෙසේය. “අපේ ජාතියට මා සතුව ඇති සෑම දෙයක්ම ලබා දීමට මම සූදානම්. අපි එකතුවෙලා විශ්වාසය ඇතිකරගන්න, ආර්ථිකය ගොඩගන්න, රට එකතු කරන්න පුළුවන්.” ඔහුගේ මුල්ම ආර්ථික ප්‍රමුඛතාවය ඉහළ උද්ධමනය පාලනය කිරීමට ලබා දෙන බව ඔහු මාධ්‍ය වෙත සඳහන් කර ඇත.

මම කොන්සර්වේටිව් ලෙස ප්‍රචාරණය කරන්නෙමි, මම කොන්සර්වේටිව් ලෙස ආණ්ඩු කරන්නෙමි. මට නායකත්වය දිය හැකිය, මට දැඩි තීරණ ගත හැකිය, මට දේවල් කළ හැකිය. මම පළමු දිනයේ සිටම අගමැති වීමට සූදානම්” Liz Truss මෙහිදී සිය පාක්ෂිකයන් වෙනුවෙන් ප්‍රකාශ කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙම ඡන්ද විමසීම ජූලි 21 වන විට අපේක්ෂකයන් දෙනෙනකු අතර තරඟය අපේක්ෂා කෙරේ. ඉන්පසුව රටේ කොන්සර්වේටිව් පක්ෂ සාමාජිකයින් අතරින් නව නායකයා තෝරා ගනු ලබන අතර සැප්තැම්බර් 5 වන දින එය ප්‍රකාශයට පත් කෙරේ.

පවතින තත්වය පිළිබඳ විචාරකයන් පවසන්නේ නව අග්‍රාමාත්‍යවරයාට බ්‍රිතාන්‍යයේ ආර්ථිකයේ සර්පිලාකාර උද්ධමනය, ඉහළ ණය ,යුක්රේනයේ යුද්ධය මගින් උත්සන්න වූ බලශක්ති අර්බුදයක් තුල ඉන්ධන මිල ඉහල යාම ආදී කරුණුවලට මුහුණ දීමටත් පක්ෂය තුළ මතභේද විසඳා ගනිමින් රට ඉදිරියට ගෙන යාමට සිදු වන බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි