×

බැට්මෑන් නිශ්පාදන කටයුතු නවතී. කාර්‍යමණ්ඩලයේ අයකුට කොරෝනා. ප්‍රධාන නළු රොබර්ට් පැටින්සන් ද කියා සැකයි!

නව බැට්මෑන් චිත්‍රපටයේ නිශ්පාදන කටයුතු නවතා ඇති බවට තොරතුරු වාර්තා වේ.


නව බැට්මෑන් චිත්‍රපටයේ නිශ්පාදන කටයුතු නවතා ඇති බවට තොරතුරු වාර්තා වේ.

මීට ප්‍රධාන හේතුව වන්නේ නිශ්පාදන කණ්ඩායමේ අයකුට කොරෝනා ආසාදනය වී ඇති බවට නිවේදනයක් නිකුත් කිරීමයි.

වෝනර් බ්‍රදර්ස් සමාගම මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ප්‍රකාශයට පත්කිරීමෙන් වැළකී සිටින අතර, කොරෝනා වසංගත තත්වය තුළ දිගු නිහැඩියාව කින් අනතුරුව නව බැට්මෑන් චිත්‍රපටය එළිදැක්වීමට සූදානම් ව තිබියදී මෙසේ හදිසියෙන් නිශ්පාදන කටයුතු නවත්වා තිබීම ප්‍රේක්ෂකයන් ගේ අප්‍රසාදයට හේතු වී තිබේ.

ඇතැම් මාධ්‍ය වාර්තා කරන්නේ නව බැට්මෑන් චිත්‍රපටයේ කෝටිපති ව්‍යාපාරික බෲස් වෙයින් හෙවත් බැට්මෑන් ගේ චරිතයට පණ පොවන ප්‍රධාන නළු රොබර්ට් පැටින්සන් මෙසේ කොරෝනා ආසාදනයට ලක්ව ඇති බැවයි. (වැනිටි ෆෙයර් සඟරාව මෙය තහවුරු කර සිටී.)

මීට දින කිහිපයකට ඉහත ඩීසී ෆෑන්ඩම් විසින් නව බැට්මෑන් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් කර තිබූ අතර, රොබර්ට් පැටින්සන් ගේ නව බැට්මෑන් ඇඳුම පිළිබඳව කා අතරත් කතා බහට ලක්ව තිබිණි.

එහි සුවිශේෂී ලක්ෂණය වූයේ බැට්මෑන් සංකේතයේ සිදුකර ඇති ප්‍රතිසංස්කරණයන් ය.

ඩීසී චිත්‍ර කතා වල පැමිණෙන ගොතම් නගරයේ ගැලවුම් කරු ඩාර්ක් නයිට් නොහොත් “නිශාචර නයිට්වරයා” ලෙස හැඳින්වෙන බැට්මෑන් ඉතිහාසය පුරා සිනමා ක්ෂේත්‍රය තුළ විවිධ නළුවන් ගේ රංගනයෙන් ඉදිරිපත් කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි