×

‘‘බෑ බෑ මට යන්න බෑ – සුදු ගෙදරින් මට යන්න බෑ‘‘ – ට්‍රම්ප්

ට්‍රම්ප් ධවල මන්දිරයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කිරීමට යයි.


2020 ජනවාරි 20 දාට යෙදී තිබෙන ජෝ බයිඩන්ගේ ජනපති පදවි ප්‍රාප්තියත් සමග ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරය හිස් කර දිය යුතු වුවත්, ඔහු සිය උපදේශකවරුන්ට කියා තිබෙන්නේ බයිඩන්ගේ පදවි ප්‍රාප්ති දිනයේදී ද තමන්ට ධවල මන්දිරයේම රැඳී සිටීමට අවශ්‍ය බවයි.

එය යම් ආකාරයක තර්ජනයක් ලෙස සැලකිය හැකි වුවත්, ට්‍රම්ප්ගේ උපදේශකවරුන් එය එසේ සිදු වේවි කියා විශ්වාස කරන්නේ නැත. නමුත් එය එසේ සිදුවීමට ද ඉඩක් ඇත.

මෙවැනි තත්වයක් උද්ගත වුවහොත් කළ යුත්තේ කුමක්ද යැයි කිසිවෙකුත් නොදන්නේ, මීට පෙර කිසිදු ජනාධිපතිවරයෙක් මෙසේ කටයුතු කර නැති නිසාවෙනි. එනම්, මීට පෙර ඇමරිකාවේ කිසිදු ජනාධිපතිවරයෙක් පරාජය හමුවේ ධුරයෙන් සහ ධවල මන්දිරයෙන් ඉවත් වීම ප්‍රතික්ෂේප කර නැති නිසා ය.

පසුගිය සඳුදා දිනයේ ඉලෙක්ට්‍රෝරල් කොලීජිය ද බයිඩන්ගේ ජයග්‍රහණය තහවුරු කළේය. ඒ, 206-232 ලෙස වේ.

කෙසේ වෙතත්, ට්‍රම්ප් තමන් ඉවත් වීමට සූදානම් නැති බව තවදුරටත් කියා සිටී.

ට්‍රම්ප්ගේ පාලන කාලය තුළ ශ්‍රේෂ්ඨ ඇමරිකානු ජනපතිවරුන්ට නිවහන වූ ධවල මන්දිරය, ඔහුගේ සුදු ජාතිකත්වයේ බලකාමය ප්‍රදර්ශනය කරන, වැදගැම්මකට නැති ‘සුදු ගෙදරක්‘ වූ බව මීට පෙර අප විසින් පැහැදිලි කර තිබේ. ඒ අනුව ට්‍රම්ප්, සුදු ජාතිකවාදී උමතුව තවදුරටත් ප්‍රදර්ශනය කරමින් ධවල මන්දිරය නොහොත් ‘සුදු ගෙදරින්‘ නික්ම යාම ද තවදුරටත් ප්‍රතික්ෂේප කරයි.

මූලාශ්‍රය – INDEPENDENT

පෙර ලිපිය
ඩොනල්ඩ් ට්‍රම්ප් ‘සුදු ගෙදරින්‘ සිර ගෙදරට?

ඩොනල්ඩ් ට්‍රම්ප් – ‘සුදු ගෙදරින්‘ සිර ගෙදරට?!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි