×

බිල් සහ මෙලින්ඩා ගේට්ස් සිය 27 වසරක විවාහ දිවියට සමුදෙයි

ගේට්ස් යුවල විසින් නිකුත් කළ ට්විටර් පණිවුඩය හරහා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ, දෙපළගේ සිය නව ජීවිත ආරම්භ සඳහා අවශ්‍ය පෞද්ගලිකත්වයට ඉඩ ලබා දෙන ලෙසයි.


බිල් – මෙලින්ඩා ගේට්ස් යුවළ ට්විටර් ඔස්සේ සටහනක් තබමින් ඔවුන් දික්කසාද වීමට තීරණය කර ඇති බව ලොවට දන්වා ඇත.

වසර 27ක විවාහ දිවියක් ගෙවූ බිල් හා මෙලින්ඩා දරුවන් තිදෙනෙකුගේ දෙමාපියන් වේ.

මයික්‍රොසොෆ්ට් හී ස​ම නිර්මාතෲ බිල් ගේට්ස් ලොව සිව් වැනි ධනවතා වන අතර ඔහුගේ වත්කම ඩොලර් බිලියන 124කි. මෙලින්ඩා නිෂ්පාදන කළමනාකාරිණියක ලෙස 1980 දශකයේදී බිල් ගේට්ස්ගේ මයික්‍රොසොෆ්ට් සමාගමට සම්බන්ධ වූ අවස්ථාවේ ඔවුන් පළමුවරට මුණ ගැසී තිබිණ. 1994 වසරේ හවායි දූපතේ ලනායිහිදී ඔවුන්ගේ විවාහය සිදුවිය.

2000 සිට ගේට්ස් යුවළ ඒකාබද්ධව පවත්වා ගෙන යන Bill & Melinda Gates පදනම හරහා ලොව දරුවන් වෙනුවෙන් සුවිශේෂි කාර්යභාරයක් ඉටු කරනු ලබයි.

ගේට්ස් යුවල විසින් නිකුත් කළ ට්විටර් පණිවුඩය හරහා වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ, දෙපළගේ සිය නව ජීවිත ආරම්භ සඳහා අවශ්‍ය පෞද්ගලිකත්වයට ඉඩ ලබා දෙන ලෙසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි