×

බිළිඳි මරණය

1790 ඔහු අලුත උපන් බිළිඳිය බිරිඳ‘තින් ගනියි අසල වූ කාමරයට ගෙන යයි


1790
ඔහු අලුත උපන් බිළිඳිය බිරිඳ‘තින් ගනියි
අසල වූ කාමරයට ගෙන යයි
බිළිඳියගෙ හිස වමතින් ගනියි
හෙමිහිට දකුණතින් ගෙළ සිරකරයි

1890
ඇයව ඔතන්න තෙමූ තුවායෙන්
සහල් ඇට සහ
වැලි නහයට දමන්න
මවක් ලේලියක සමග සිය උපක්‍රමය බෙදා ගනියි
මටත් කරන්න වුණා
මගෙ අම්මටත්
අම්මගෙ අම්මටත්

1990
“සියක් බිළිඳියන් වළ දමා ඇත;
වෙද නිවස්නක් පිටුපස”
පුවත්පතක කියැවෙයි.
ඔහු ඈ ගෙන ගියේ එහි ද, බිරිඳක් සිතයි
ඇගේ දියණිය පස හා එක් වනයුරු
ඈ සිතින් මවා ගනී.

1998
සයුරු රැසක් ඔබ්බෙන් ටොරොන්ටෝවේ
අනීතික ගබ්සාවකි, වෙදැදුරකු අතින්
දුවක සිටිනා ඉන්දියානු මවකට.
“එකක් හොඳටම ඇති” ඈ කියයි

2006
එය හිතනවාට වඩා ලේසියි, නෑදෑ ගැහැණු අම්මාට කියති.
ඔවුහු දනිති පවුලක්,
එය තුන් වරක් කෙරූ.
ඔවුහු සායන දනිත්. අම්මාට අංකයක් ද ගෙන දෙන්නට සැරැසෙත්.
ඒ දොස්තර පුතෙක් ලැබෙන්න බෙහෙතුත් දෙනවා.
පහළ ගෙදර ගෑනිට
දැන් පුතාලා තුන්දෙන යි.

2012
ටොරොන්ටෝවේ රෝහල් දොළසක්
දහතුන්වැනි සතිය වන තෙක්,
බිළිඳා කවුදැයි නොකියා හරිති.
රෝහල් දොළස ම
දකුණු ආසියාතික සංක්‍රමණිකයන් මැද

පරිවර්තනය – ඉසුරිනී මල්ලවආරච්චි

රූපි කවූර් විසින් රචිත Female infanticide පැදි පෙළේ සිංහල පරිවර්තනයකි. රූපි කවූර් කැනඩාවේ ටොරොන්ටෝ හි ජීවත් වන ඉන්දියානු සම්භවයක් සහිත නූතන කිවිඳියකි. ස්ත්‍රීවාදී දැක්මකින් යුතු ඇගේ කාව්‍ය, විචාරකයන්ගේ නොමද ගෞරවයට පාත්‍ර වී තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි