×

බීරූට් පිපිරෙද්දී අජ්මාන් ගිනි ගනී

ඊයේ (05) පස්වරුවේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන් නගරයේ වෙළඳසැල් සංකීරණයක ගින්නක් හටගෙන තිබෙනවා. අජ්මාන් නගරයේ නව කාර්මික ප්‍රදේශයේ ‍එලවළු හා පළතුර වෙළඳ සැල් සංකීර්ණයක මෙම ගින්න හටගෙන ඇති බවයි මැද පෙරදිග මාධ්‍ය වාර්තා කරන්නේ.

‍ගින්න විශාල ලෙස පැතිර ඇති අතර තවමත් එමීර් රාජ්‍ය බලධාරීන් ගින්න නිවා දැමීම සඳහා උත්සාහ දරමින් සිටී.

මේ වනවිට ගින්න අසල පිහිටි රෝහලක් ඇතුළු ගොඩනැගිලි කිහිපයක් දක්වා වර්ධනය වී ඇති අතර එය තවදුරටත් වර්ධනය වියහැකි බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

මෙවැනි හදිසි තත්වයක් මැද පෙරදිග කලාපයෙන් වාර්තා වන්නේ ලෙබනනයේ ‍බීරූට් අගනුවර සිදු වූ දැවැන්ත පිපිරීමෙන් පැය 24 ක් ඉක්ම යාමටත් පෙරයි.

රසායනික ගබඩාවක සිදු වූ එම පිපිරීමෙන් සියයකට අධික පිරිසක් මේ වනවිට මියගොස් ඇති අතර තවත් 4000 කට වැඩි පිරිසක් තුවාල ලබා තිබේ. ලෙබනනය තුළ හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට තරම් මෙම පිපිරීම බලවත් වී ඇත.

[embedyt] https://youtu.be/H9emzYfVHdk[/embedyt]

#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි