×

බෙනීටෝ මුසෝලිනීගේ මිණිබිරිය රෝමයේ මැතිවරණ සටනේ ඉදිරියෙන්

මෑත වසරවල රැචල් මුසොලිනි නියෝජනය කරන Brothers of Italy පක්ෂය ජාතික ඡන්ද විමසීම් වලදී ස්ථාවර ලෙස ඉහළ යමින් සිටින අතර, පසුගිය බදාදා පැවති සමීක්‍ෂණයකට අනුව, නගරාධිපතිවරණයෙන් පසු පළමු ස්ථානය ලබා ගත් ඩිමොක්‍රටික් පක්ෂයට තරමක් පිටුපසින් ඔවුන් සිටි.


ඉතාලියේ වාසය කල ඒකාධිපති පාලකයෙකුවූ බෙනීටෝ මුසෝලිනීගේ මිණිබිරිය රැචල් මුසොලිනි රෝමයේ නගර සභාවට පැවති මැතිවරණවලදී වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් අතර, ඒ ඇය අයත් අන්ත දක්ෂිනාංශික පක්ෂය වන Brothers of Italy සමගින් සාමුහිකව එක් වෙමිනි.රැචල් මුසොලිනි පසුගිය ඉරිදා සහ සඳුදා පැවති නගර සභා මැතිවරණ වලදී ඡන්ද 8,200 කට වඩා ලබා ගත් අතර ඒ 2016 දී ඇයගේ පළමු ජනවරම හා සසඳහා බැලු විට ඡන්ද 675 ක වර්ධනයකි.

ඇයගේ සාර්ථකත්වය, වෙහෙස මහන්සි වී වැඩ කිරීම මිස සිය මුත්තණූවන්ගේ වාසගම නොවන බව ඇය පැවසුවා.

රැචල් යනු ෆැසිස්ට් ඒකාධිපති පාලකයාගේ පළමු බිරිඳගේ ද නම වන අතර ඇය දිවංගත ජෑස් සංගීතඥ රොමානෝ මුසොලිනිගේ දියණියයි.රැචෙල් මුසෝලිනී ෆැසිස්ට්වාදය ගැන දේශපාලන වේදිකාවේ සාකච්ඡා කිරීමෙන් වැළකී සිටින්නට විය.එළඹෙන ඔක්තෝබර් 17 සහ 18 යන දෙදින තුළ පැවැත්වෙන රෝම නගරාධිපතිවරණයෙන් සිය අපේක්ෂකයා වන එන්රිකෝ මිචෙට්ටි ඉවත්ව යනු ඇතැයි Brothers of Italy පක්ෂය බලාපොරොත්තු වේ.

මෑත වසරවල රැචල් මුසොලිනි නියෝජනය කරන Brothers of Italy පක්ෂය ජාතික ඡන්ද විමසීම් වලදී ස්ථාවර ලෙස ඉහළ යමින් සිටින අතර, පසුගිය බදාදා පැවති සමීක්‍ෂණයකට අනුව, නගරාධිපතිවරණයෙන් පසු පළමු ස්ථානය ලබා ගත් ඩිමොක්‍රටික් පක්ෂයට තරමක් පිටුපසින් ඔවුන් සිටි.

theguardian.comවෙතින්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි