×

බොල්සොනාරෝගේ පුංචි හෙම්බිරිස්සාව – බ්‍රසීලයේ සෑම මිනිත්තුවකටම වරක් නව ආසාදිතයෙක්

ලෝක ව්‍යාප්ත කොවිඩ් වෛරසයෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයට හා බ්‍රසීලයටයි. ඇමරිකා එක්සත් ජනපදයෙන් මේ වනවිට මිලියන 02 කට ආසන්න ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර 111,394 ක් මියගොස් තිබේ. බ්‍රසීලයේ ආසාදිතයන් ලක්ෂය 06 හමාර ආසාන්නයටම පැමිණ තිබේ. එරටින් වාර්තා වන මරණ ප්‍රමාණය 35,047 කි.


ලෝක ව්‍යාප්ත කොවිඩ් වෛරසයෙන් වැඩිම හානියක් සිදුව ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයට හා බ්‍රසීලයටයි. ඇමරිකා එක්සත් ජනපදයෙන් මේ වනවිට මිලියන 02 කට ආසන්න ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර 111,394 ක් මියගොස් තිබේ. බ්‍රසීලයේ ආසාදිතයන් ලක්ෂය 06 හමාර ආසාන්නයටම පැමිණ තිබේ. එරටින් වාර්තා වන මරණ ප්‍රමාණය 35,047 කි.

කොවිඩ් වෛරසය ව්‍යාප්තියත් සමග ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙන්ම බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝද අනුගමනය කළේ එකම ප්‍රතිපත්තියකි. වෛරසරය සමග ජීවත්වීමට සූදානම් වියයුතු බව ට්‍රම්ප් දිගින් දිගටම ප්‍රකාශ කළ අතර බොල්සොනාරෝ මෙම වෛරසය හැඳින්වූයේ එතරම් ගණන් ගතයුතු නැති පුංචි හෙම්බිරිස්සාවක් ලෙසයි.

බොල්සොනාරෝගේ පුංචි හෙම්බිරිස්සාව මේ වනවිට සමස්ත බ්‍රසීලයම බිලි ගනිමින් සිටී. බ්‍රසීලය මේ වනවිට වැඩිම ආසාදිතයන් අතින් ලොව දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර මරණ සිදුවීම අතින් තෙවැනි ස්ථානයේ රැඳී සිටී. තවත් දින කිහිපයකින්ම එහිද දෙවැනි ස්ථානයට පත්වීමට බොල්සොනාරෝට හැකිවනු ඇත.

ඊයේ සහ පෙරේදා යන දින දෙකේදීම බ්‍රසීලයෙන් 30,000 ඉක්මවන ආසාදිතයන් වාර්තා වූ අතර දහස ඉක්මවා මරණ වාර්තා වී තිබේ.

බ්‍රසීලය තුළ කෙතරම් වේගයෙන් වෛරසය පැතිරෙන්නේදැයි කිවහොත් සෑම මිනිත්තුවකටම වරක් නව ආසාදිතයෙකු වාර්ත‍ා වේ.

සිය ජනතාව වෛරසයෙන් බේරා ගැනීමට ක්‍රියාමාර්ග නොගෙන පාරම් බෑ බොල්සොනාරෝ දැන් නැවත වරක් ඩොනල්ඩ් ට්‍රම්ප් අනුව යමින් ලෝක සෞඛ්‍ය සංවිධානය සමගම ගැටුමකට එළඹ සිටී. සිය අසාර්ථකත්වය වසා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත චෝදනා එල්ල කරමින් ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත් වීමට කටයුතු කරන බව පවසයි. එම සංවිධානය පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරමින් සිටින බවටද බ්‍රසීල ජනාධිපතිවරයා චෝදනා කරනවා.

මීට හේතු වී ඇත්තේ ලතින් ඇමරිකානු රටවල පනවා ඇති නීති ලිහිල් කිරීම හේතුවෙන් ඔවුන්ට ඉදිරියේදී ප්‍රතිවිපාක විඳීමට සිදුවන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනතුරු ඇඟවීමයි. මිනිස් ජීවිතවලට සිදුවන හානියට වඩා ආර්ථික හානිය ඉහළ යන බව පවසමින් බොල්සොනාරෝ රට කඩිනමින් නැවත විවෘත කරන බව පැවසීමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අනතුරු ඇඟවීම සිදුකර තිබිණි.

UN



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි