×

බොල්සොනාරෝ අසනීපයෙන් – නොනවතින ඉක්කාව සැත්කමක් දක්වා දුර ගිහින්

බ්‍රසීලයේ දක්ෂිණාංශික නායක ජෙයර් බොල්සොනාරෝ, නිදන්ගත ඉක්කා ගැසීමක් හේතුවෙන් රෝහල්ගත කර ඇත.


විශ්වාස කෙරෙන්නේ මෙම තත්වය, ඔහු පෙර මුහුණ දුන් සෞඛ්‍ය තත්වයක ප්‍රතිඵලයක් බවයි.

දින 10 ක් තිස්සේ පැවතුණු මෙම තත්වයෙන් පසුව රෝහල්ගත කර ඇති බොල්සොනාරෝව සැත්කමකට ලක්කිරීමට නියමිත බව ද ඔහුගේ කාර්යාලය පවසයි.

2018 වසරේ මැතිවරණ ව්‍යාපාරය අතරතුර ඔහු පිහි ඇනුම් ප්‍රහාරයකට ගොදුරු විය. බඩවැල් කැපී යාම සමග ඔහුගේ සිරුරෙන් 40%ක බරපතළ රුධිර වහනයක් ද මෙහිදී සිදුවූ අතර, එහි අතුරු තත්වයන් වශයෙන් අග්න්‍යාශයේ ආසාදනයක් මතු ව ඇතැයි සැක පළ කෙරේ.

මෙහි ප්‍රධාන ඡායාරූපයෙන් දැක්වෙන්නේ රෝහල්ගත ව සිටින බොල්සොනාරෝ, ට්විටර් හරහා පළ කළ ඡායාරූපයකි.

කෝවිඩ් වසංගතය මර්දනය කිරීමේදී පළකළ අසාර්ථකභාවය නිසා දැඩි මහජන අප්‍රසාදයකට බොල්සොනාරෝ මේ වන විට මැදිව සිටියි. පසුගිය මාසයේදී බ්‍රසීලයේ කෝවිඩ් මරණ ගණන 500,000 ඉක්ම ගියේ ඇමරිකාවට පමණක් දෙවැනි වෙමින්, ලෝකයේ දෙවැනුවට වැඩිම කෝවිඩ් මරණ ගණන වාර්තා කරමිනි.

බොල්සොනාරෝ පිළිබඳ සියලු පෙර ලිපි මෙතැනින් කියවන්න

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි