×

භාරතීය ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර් ජීවන ගීතයට සමුදෙයි … !

ලෝක ප්‍රකට ඉන්දීය ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර් අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.


 

කොවිඩ් – 19 වෛරසය ආසාදනය වී ඉන්දියාවේ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහත්මිය අද (06) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇති බව සඳහන්.

මියයන විට ඒ මහත්මිය 92 වැනි වියේ පසු වූවාය.

ඉන්දියාවේ පමණක් නොව ලෝකය පුරා සුවහසක් ජනතාවගේ සවන් අතර තවමත් රැව්දෙන ඉමිහිරි ගීත විශාල සංඛ්‍යාවක් සිය ජීවිත කාලය තුළ ලතා මංගේෂ්කාර් විසින් ගායනා කර තිබිණි.

ඇයගේ මතකය සදා නොමියෙනු ඇත.

[embedyt] https://www.youtube.com/watch?v=Ou0B9T89L0g[/embedyt]

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි