×

භෞතික විද්‍යා​ඥයි​න් තිදෙනෙකුට මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය

භෞතික විද්‍යායින් තිදෙනෙකුට මෙවර භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය ලබා දිමට විද්‍යාව සඳහා වන රාජකිය ස්විඩ් ඇකඩමිය මෙවර තිරණය කර තිබේ.


පෘථිවියේ දේශගුණය සහ මානව වර්ගයා එයට බලපෑම් කරන ආකාරය පිළිබඳ නව දැනුමට අඩිතාලම දැමු සියුකුරෝ මනාබේ සහ ක්ලවුස් හසල්මන් සහ ද්‍රව්‍ය හා අහඹු ක්‍රියාවලීන් පිළිබඳ න්‍යාය ඉදිරිපත් කල ජෝර්ජියෝ පැරීසිගේ යන විද්‍යාඥයින් තිදෙනා ඊට නිර්දේශ වි ඇත. සියුකුරෝ මනාබේ ඇමරිකා එක්සත් ජනපදය් ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලය නියෝජනය කරනඅතර, ක්ලවුස් හසල්මන් ජර්මනියේ මැක්ස් ප්ලෑන්ක් කාලගුණ විද්‍යා ආයතනයේ සේවය කරයි.ජෝර්ජියෝ පැරීසි ඉතාලියේ රෝමයේ සැපියෙන්සා විශ්ව විද්‍යාලයේ සේවයේ නිරත වේ.වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම ඉහළ යාම පෘථිවි පෘෂ්ඨයේ උෂ්ණත්වය ඉහළ යාමට හේතු වන ආකාරය සියුකුරෝ මනාබේ පෙන්නුම් කළේය.

1960 ගණන් වලදී ඔහු පෘථිවියේ දේශගුණයේ භෞතික ආකෘති සංවර්ධනයට නායකත්වය දුන් අතර විකිරණ ශේෂය සහ වායු ස්කන්ධ සිරස් අතට ප්‍රවාහනය කිරීම අතර අන්තර් ක්‍රියාකාරිත්වය ගවේෂණය කළ ප්‍රථම පුද්ගලයා විය.

වසර 10 කට පමණ පසු ක්ලවුස් හසෙල්මන් කාලගුණය සහ දේශගුණය එකට සම්බන්ධ කරන ආකෘතියක් නිර්‍මාණය කළ අතර, කාලගුණය වෙනස් විය හැකි හා ව්‍යාකූල වුවද දේශගුණික ආකෘති විශ්වාසදායක විය හැක්කේ ඇයි යන ප්‍රශ්නයට පිළිතුරු නිර්මාණය කරන්නට විය. ස්වාභාවික සංසිද්ධි සහ මානව ක්‍රියාකාරකම් යන දෙකම දේශගුණය තුළ සටහන් වන නිශ්චිත සංඥා, ඇඟිලි සලකුණු හඳුනා ගැනීමේ ක්‍රම ද ඔහු දියුණු කළේය.1980 දී පමණ ජෝර්ජියෝ පැරීසි විසින් සංකීර්ණ ද්‍රව්‍ය වල සැඟවුනු රටා සොයා ගන්නා ලදී.

ඔහුගේ සොයා ගැනීම් සංකීර්ණ පද්ධති න්‍යායට වැදගත් දායකත්වයකි. භෞතික විද්‍යාවේ පමණක් නොව ගණිතය, ජීව විද්‍යාව, ස්නායු විද්‍යාව සහ යන්ත්‍ර ඉගෙනීම වැනි වෙනත් බොහෝ වෙනස් ක්ෂේත්‍රයන්හි බොහෝ වෙනස් හා පැහැදිලිවම අහඹු ද්‍රව්‍ය හා සංසිද්ධීන් තේරුම් ගැනීමට සහ විස්තර කිරීමට ඒවායින් හැකි වේ.සියුකුරෝ මනාබේ 1931 ජපානයේ ෂිංගු හි උපත ලැබුඅතර, සිය ආචාර්ය උපාධිය 1957 ජපානයේ ටෝකියෝ විශ්ව විද්‍යාලයෙන් ලබා ගෙන ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කාලගුණ විද්‍යාඥයාලෙස සේවය කරයි.ක්ලවුස් හසල්මන් 1931 ජර්මනියේ හැම්බර්ග් හිදී උපත ලැබීය. ඔහු සිය ආචාර්ය උපාධිය 1957 ජර්මනියේ ගොටිංජන් විශ්ව විද්‍යාලයෙන් ලබා ගෙන ඇත.

ජෝර්ජියෝ පැරීසි, 1948 දී රෝමයේදී උපත ලැබීය. සියආචාර්ය උපාධිය 1970 ඉතාලියේ රෝමයේ සැපියෙන්සා විශ්ව විද්‍යාලයෙන් ලබා ගෙන ඉතාලියේ රෝමයේ සැපියෙන්සා විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙසසේවය කරයි.

nobelprize.orgවෙතින්



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි