×

මගීන් දෙදෙනෙකු දිවි බේරාගත් කරච්චි ගුවන් අනතුරට පෙර ගුවන් නියමුවා සිදුකළ අවසන් සංවාදය (විඩියෝ)

ඊයේ පකිස්තානයේ කරච්චි ගුවන් තොටුපල අසලදී ගුවන් යානයක් අනතුරට ලක් වූ අතර එම අනතුරින් පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් මරණයට පත්විය.


ඊයේ පකිස්තානයේ කරච්චි ගුවන් තොටුපල අසලදී ගුවන් යානයක් අනතුරට ලක් වූ අතර එම අනතුරින් පුද්ගලයන් 100 කට වැඩි පිරිසක් මරණයට පත්විය.

කෙසේ වෙතත් ගුවන් යානයේ ගමන් ගනිමින් සිටි මගීන් දෙදෙනෙකු දිවි බේරාගෙන තිබේ. ඉන් එක් මගියෙකු කඩා වැටී ගිනි ගනිමින් තිබූ ගුවන් යානයෙන් පිටතට පැන තමාගේ ජීවිතය බේරා ගැනීමට සමත්ව තිබිණි.

මොහමඩ් සුබෙයිර් නමැති එම පුද්ගලයා මාධ්‍ය වෙත පවසා තිබුණේ ගුවන් යානය අනතුරට ලක්වන මොහොත දක්වා මගීන් ඒ පිළිබඳව දැනුවත් නොසිටි බවයි.

ගුවන් යානය කඩා වැටෙද්දි තමාට සිහි නැතිවූ බවත් නැවත සිහිය එනවිට ගුවන් යානය ගිනි ගනිමින් තිබූ බවත් ඔහු පවසා තිබෙනවා. සීට් බෙල්ට් එක ගලවා ගුවන් යානයෙන් පිටතට පැමිණ තමා දිවි ගලවා ගත් බවත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් ඔහු මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

මෙම යානය අනතුරට ලක්ව කඩා වැටීමට පෙර යානය නියමුවා සිය පාලක මධ්‍යස්ථානය සමග පැවැත්වූ අවසන් සාකච්ඡාවේ හඬ පටය මේ වනවිට අන්තර්ජාලය වෙත මුදාහැර තිබෙනවා.

[embedyt] https://youtu.be/xfzwYKGLNnY [/embedyt]

[embedyt] https://youtu.be/AwfkN5M-bSY [/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි