×

මණිකර්ණිකා; කංගනාව මේ සිනමාපටයේදී මනූ නමින් හැඳින්වීම අහඹුවක්ද?

ඉන්දියාවේ උත්තර් ප‍්‍රදේශ්හි ජාන්සි නම් ඓතිහාසික නුවරකි. එහි රාජ්‍ය කළ රුජිණ මණිකර්ණිකාය. මණිකර්ණිකා තම්බේ යි. ඇගේ සුරතල් නාමය මනූ බව සිනමාපටයේ දැක්වේ. ඒ, ඇය මින් ඉහතදී රගපෑ 'තනූ වෙඩ්ස් මනූ' සිනමාපටයේ තනූ අනුව යමින් යෙදූ නමක් බව අපට වටහා ගැනීමට සලස්වයි. ඊටත් වඩා කංගනාගේ රංගනයේ සූක්ෂමතා දිස්වන්නේ එම චිත්‍රපටයටත් වඩා "තනූ වෙඩ්ස් මනූ රිටන්ස්'හිදීය.


මණිකර්ණිකා දිවයන්නේ පිරිමියෙක් අවැසි නැති, යුද්ධ කිරීම සිය වගකීම යැයි සිතූ රුජිණක වටාය. එය එසේමයි කියා සිතීමට කංගනා අප පොළඹවයි. පුරුෂයන් තවදුරටත් යුදපිටියේ වීර චරිතය රගමින් සිටියදී, ගල්ගුහාවෙන් නිවසට පැමිණ එහි අරක්ගෙන සිටින ස්ත‍්‍රීන් තවදුරටත් එහි නොසිට සටන්බිමට පිවිසෙන බවට වන මතයක් ඉදිරිපත් කිරීමට ජාන්සිහි රුජිණ සමත් වෙයි.

ඉන්දියාව මෙන්ම ලංකාවේද ඓතිහාසික තේමාවට ගැනෙන සිනමාපට චිත‍්‍රපට තියටරයක නිෂ්පාදනයකින් උපන්නාක් වැනිය. ‘බාහුබලී’ සිනමාපටයේ පමණක් කඩු බරැති බව පෙනිනි. මණිකර්ණිකාගේ සෘජු බව, අප‍්‍රමාදී සහ උනන්දු සහගතබව ශිල්ප නොදක්වා සිටින අවස්ථාවේදීත් පෙන්වමින් පේ‍්‍රක්ෂකයා කේවල ස්ත‍්‍රියක වෙත යොමුකිරීමට අධ්‍යක්ෂකවරු සමත්වෙති.

ආකර්ෂණය දිනාගැනීමටත් එය රදවාගැනීමටත් දරන උත්සාහයක් වශයෙන් සැබැවින්ම ඉන්දීය ඉතිහාසයේ මෙවන් කතුන් සිටි බවට වන වික‍්‍රමාන්විත මිත්‍යා පුවත් ඇතැයි කෙරෙන අර්ථ දැක්වීමක් බවට මණිකර්ණිකා පත්වේ. ඒ මෙල් ජිබ්සන්ගේ ‘බ්‍රේව්හාට්’ සිනමාපටය මෙනි. නිර්මාණශීලී නිදහස අගයන්නන්ට සිය ඓතිහාසික කතාන්දරය පුනරුච්චාරණය කිරීමට මෙම සිනමාපටය අවස්ථාවක් වෙයි.

මණිකර්ණිකා වැන්දඹු කාන්තාවන් කරන ආකාරයට හිස මුඩු ගා සාම්ප‍්‍රදායික ව‍්‍රතය රැකීම ප්‍රතික්ෂේප කරයි. ඇය මාළිගාවට වී රාජකීය දිවියක් ගෙවීම ඉවත ලා පාලකයකු නැති රාජ්‍යය සියතට ගනී.  සාම්ප්‍රදායික බවේ හිදිමින් ම ඉන් ඉවත්වීමට රැඩිකල් කාන්තාවන් දරන තැත ද මෙපරිදිය.

පුරාවෘත්තවල එන රුජිණක වෙනුවෙන් ඉන්දීය සුරත ආචාරය පිණිස හිසට එසවෙන, අභිප‍්‍රායශීලීව අරමුණ ඉටුකරගන්නා මණිකර්ණිකා සිනමාපටය, කංගනා සහ රාධා ක්‍රිෂ්ණ ජගර්මූදිගේ අධ්‍යක්ෂණයෙන් ඉන්දීය රිදී තිරයට පැමිණ ඇත.

ප‍්‍රමුදිත බවින් ඔප්නැංවෙන ධෛර්යය සහිත රනාවුත් අශ්වයන් පිට නැගී පිටිය වටා දිවයයි. රාජකීය හස්තියා මතට පිම්මකින් පනියි. ශිල්ප ඉගෙන ගෙන එය සාර්ථකව ක‍්‍රියාවෙහි යොදවන අයුරු ඇය පුරුෂයන්ට පෙන්වයි. ඒවා අක්ෂය කුමාර් හෝ අජේ දේව්ගන්ගේ ක‍්‍රියාදම ජවනිකා නොවී, සටන් අවස්ථා කාන්තාවක විසින් සිදුකිරීම නිසා පේ‍්‍රක්ෂක අපට එය දිරවාගැනීමට තරමක් අසීරු වේ. හින්දි චිත‍්‍රපටවල සුප‍්‍රකට සටන් අවස්ථා කාටුන්මය මොහොතවල් මිස වෙනකක් නොවේ.එහෙත් එය පමණට වඩා දිගු වන අතරම විටෙක කාඩ්බෝඩ් වීර ස්වභාවක් පෙන්වයි. ළමා චිත‍්‍රපටයකදී මෙන් මෙහි කතාන්දරය ආකෘතිගත වී ඇත. පමණකට වඩා සරළ භාෂා වදන් ගැළපුම නිසා වැඩි පේ‍්‍රක්ෂක පිරිසක් ආකර්ෂණය කරගැනීමටද සමත් වේ.

බි‍්‍රතාන්‍ය නිලධාරීන් උස් තොප්පි පැළඳ අධිකරණයට පැමිණීමත්, යුද්ධය තිබියදී විශ‍්‍රාමික නිලධාරීන් කළු සැටින් රෙද්දෙන් මැසූ පිජාමා හැඳ නිදාසිටීමත් හාස්‍යය වඩවයි. ඉතිහාස කතා පොත්වල ජාන්සි රැජිණව නිතර ප‍්‍රසිද්ධ කර ඇති නිසාත්, මෙම සිනමාපටය කේවල ස්ත‍්‍රියකගේ වැඩක් බව පෙන්වන නිසාත් පුරුෂයන් එසේ නිදාසිටීම සාධාරණය.

කංගනා ප‍්‍රභාමත්ය. ආත්ම විශ්වාසය සහිත දීප්තිමත් සිනහවකින් සැරසෙන ඇය සතුරන්ව සිය කඩු පහරින් දෙපලූ කරන්නේ වැරදීමකින් පහරක් වැදී රූගත කිරීමේදී අවට ඇති සිනමාපටයේ භාණ්ඩ පවා කැපී යතැයි පේ‍්‍රක්ෂක අපට සිතෙන ලෙසිනි.

කංගනාට කළ හැකි රංග කාර්යයන් ගැන පේ‍්‍රක්ෂක අපට මේවනවිට යම් දැනීමක් ඇත. සිනමාපටයේ අතිශය දුර්වල අවස්ථා සඳහා පවා ඇය හැකි උපරිමය ඉටුකරයි.

‘මට ඉංග‍්‍රීසි කියවන්න පුලූවන්’ යැයි මනු හෙළා දකිනසුළු ස්වරයකින් පවසයි.

මෙය සැබෑ ජීවිතයේදී කංගනා ඉංග‍්‍රීසි භාෂාව ඉගෙනගැනීමේදී මිනිසුන්ගේ සමච්චලයට ලක්වීම, පසුව එය ආයුධයක් කරගනිමින් රංගන ශිල්පිනියක ලෙස වර්ධනය වූ ආකාරය පෙන්නුම් කරන වාක්‍ය ඛණ්ඩයක්ද වෙයි.

සිනමාපටයේ සහායක චරිත කිහිපයක් රංගනයට සාධාරණය ඉෂ්ඨ කළද, මෙහි වැඩි වගකීම කංගනා සියතට ගන්නා බැවින් සෙසු චරිත කැපී පෙනීම වළකාලයි.

සිනමාපටය අවසානයේදී අමිතාබ් බච්චන් විසින් ජාන්සිහි රැජිණ ගැන සුප‍්‍රකට කියමනක් පවසයි. එය කංගනාගේ අධ්‍යක්ෂණයක් බව තිරයේ සටහන් වෙයි. මෙය අනතුරු ඇගවීමක් මෙන් පෙනෙන අතර, පේ‍්‍රක්ෂකයාගේ හිසට විදුලි පහරක් මෙන් දැවෙන්නට ගනී. කංගනා සාමාන්‍ය රංගන ශිල්පිනියක නොව රැඩිකල් නිළියක ද වන බව පේ‍්‍රක්ෂකයා දැන සිටින හෙයිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි