×

මත්ද්‍රව්‍ය අලෙවියට මැදිහත් වීම නිසා Amazon වෙත ඉන්දියාවෙන් චෝදනා

මරිජුවානා ජාවාරමක් සඳහා වෙබ් අඩවි භාවිත කළ පුද්ගලයන් දෙදෙනෙකු සම්බන්ධයෙන් ඉන්දියාවේ Amazon ව්‍යාපාරයේ ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන්ට චෝදනා එල්ල වී තිබේ.


පසුගිය සතියේ එරට මධ්‍යම ප්‍රදේශ් ප්‍රාන්තයේ පොලිසිය විසින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 20 ක් වෙනත් ඉන්දීය ප්‍රාන්තවලට ප්‍රවාහනය කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමගින් මෙම චෝදනාව එල්ල වී තිබේ.

ස්වභාවික රසකාරකයක් වන ස්ටේවියා කොළ අලෙවි කරන මුවාවෙන් මොවුන් එම ස්ථානයේ තහනම් මත්ද්‍රව්‍ය වෙළඳාම් කර ඇති බව පොලිසිය පවසයි.

ඇමේසන් සමාගම පැවසුවේ ඒ සම්බන්ධව නීති ක්‍රියාත්මක කිරීම සඳහා තම ආයතනය නොසඟවා තොරතුරු ලබා දෙන බවයි.

“Amazon හට විෂමාචාර චෝදනාවක් නොමැති අතර අපගේ ප්‍රතිපත්ති හෝ අදාළ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන්ට හෝ තුන්වන පාර්ශ්වයන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගනී,”

Amazon නිවේදනයක් නිතුත් කර තිබේ.

නීතිවිරෝධී නිෂ්පාදන ලැයිස්තුගත කිරීමට සහ විකිණීමට ඉඩ නොදෙන අතර නීතිවිරෝධී භාණ්ඩ පිළිබඳ එහි නීති කඩ කරන බව සොයා ගන්නා විකුණුම්කරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් Amazon නිවේදනයේ සඳහන් වේ.

ප්‍රාන්ත පොලිසිය පැවසුවේ ඇමසන් ඉන්දියාවේ විධායක අධ්‍යක්ෂවරුන්ට මත්ද්‍රව්‍ය පනත යටතේ චෝදනා එල්ල වී ඇති බවයි.

ඩොලර් 148,000 පමණ වටිනාකමකින් යුත් මරිජුවානා කිලෝග්‍රෑම් 1,000 ක් වෙබ් අඩවිය භාවිතයෙන් අලෙවි කර ඇති බවට ගණන් බලා ඇත.

සැප්තැම්බරයේ දී, ද ඇමේසන් හි සිය ඉන්දියානු සේවකයෙකු හෝ කිහිප දෙනෙකු නිලධාරීන්ට අල්ලස් ලබා දී ඇති බවට ප්‍රකාශ කිරීමෙන් පසු අභ්‍යන්තර පරීක්ෂණයක් දියත් කළ බව වාර්තා වේ. මෑත වසරවලදී, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම සහ භාවිතය යන දෙකම මැඩලීමට ඉන්දීය බලධාරීන්ගේ උත්සාහයන් සැලකිය යුතු ලෙස වර්ධනය කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි