×

මම ජොන්සන්ට ජොන්සන් මට ; සෙලෙන්ස්කි හැඬූ කඳුලින්

බොරිස් ජොන්සන් ඉල්ලා අස්වීමත් සමඟ දුරකතනයෙන් ඇමතූ සෙලෙන්ස්කි තමාගේත් සිය රටේත් ශෝකය ප්‍රකාශ කළ බව කියැවේ. වඩාත් දුෂ්කරම කාල වලදී ලබා දුන් සහයෝගය පිළිබඳ සෙලෙන්ස්කි ස්තූති කර ඇත.


මහජන අප්‍රසාදය හා දේශපාලනික පරාජයන් හා අපකීර්තීන් හේතුවෙන් බොරිස් ජොන්සන් විසින් ඉල්ලා අස්වීම ඊයේ (07) දින ප්‍රකාශයට පත්විය.

මෙම තීරණය හේතුවෙන් යුක්රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි අතිශය කමිපාවට පත්ව ඇතැයි යුක්රේන මාධ්‍ය විසින් වාර්තා කර තිබේ. බොරිස් ජොන්සන් ඉල්ලා අස්වීමත් සමඟ දුරකතනයෙන් ඇමතූ සෙලෙන්ස්කි තමාගේත් සිය රටේත් ශෝකය ප්‍රකාශ කළ බව කියැවේ. වඩාත් දුෂ්කරම කාල වලදී ලබා දුන් සහයෝගය පිළිබඳ සෙලෙන්ස්කි ස්තූති කර ඇත. “මහා බ්‍රිතාන්‍යයේ සහයෝගය දිගටම පවතිනු ඇති බවට අපට සැකයක් නැත, නමුත් ඔබගේ පෞද්ගලික නායකත්වය සහ චමත්කාරය එය විශේෂ කර ඇත.” යනුවෙනුයි මෙහිදී  සෙලෙන්ස්කි පවසා ඇත්තේ.

පසුගිය පෙබරවාරි මාසයේ සිට සෙලෙන්ස්කි හා ජොන්සන් අතර සමීප සබඳතාවක් ගොඩනැගී තිබූ අතර යුක්රේන යුද්ධයට ‌ජොන්සන්ගේ මැදිහත්වීම හේතුවෙන් පසුගිය දින කිහිපය පුරා සිය අග්‍රාමාත්‍ය තනතුර රැක ගැනීමට ජොන්සන්ට හැකි විය. මැරෙන්න යන මිනිහා පිදුරු ගහෙත් එල්ලෙනවා මෙන් ජොන්සන් යුක්රේන යුද්ධයේ එල්ලෙමින් සිය ආරක්ෂාව තහවුරු කර ගනු ලැබීය. මුදල්, නව අවි ආයුධ, යුධ ආධාර මෙන්ම ජාත්‍යන්තර අවධානය ලබා ගැනීමට එය හේතු විය. ඒ අනුව පසුගිය මාසයේ කියෙව් වෙත ගිය පළමු ජාත්‍යන්තර නායකයා ලෙස ජොන්සන් හැඳින්වේ. සිය දේශපාලන පාක්ෂිකයන් පවා ඉවත්වන ලෙසට ජොන්සන්ට බල කරද්දී යුක්රේනයට තමන් අවශ්‍ය බව කියමින් හැකි තරම් කාලයක් සිය අගමැති පුටුව රැක ගැනීමට ජොන්සන් උත්සහ දැරීය.

නමුත් රුසියාව මේ වන විට ජොන්සන්ගේ ඉවත්ව යාම සිදුවිය යුත්තක් බව නිවේදනය කර තිබේ. රුසියාවේ ආක්‍රමනයට එරෙහි සටනේදී යුක්‍රේනයට අඛණ්ඩව බ්‍රිතාන්‍ය සහය ලබා දීම අධීක්‍ෂණය කළ ජොන්සන් අප‌ට කැමති නැතිව මෙන් අපද ඔහුට කැමති නැත. සංවාදශීලීව තීරණගත හැකි වෘත්තීය මට්ටමේ පුද්ගලයන් ලන්ඩනට භාරගනු ඇති බව තමන් විශ්වාස කරන බව රුසියානු ජනාධිපති පුටින්ගේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් ප්‍රකාශ කර ඇත. රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා වාර්තාකරුවන්ට පැවසුවේ ජොන්සන් මහතා ඔහු විසින්ම දියත් කරන ලද බූමරංගයකින් පහර කෑ බවයි.”

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි