×

මහජන විරෝධතා හමුවේ සුඩාන අගමැති ඉල්ලා අස්වෙයි

හම්ඩොක්, අගමැතිවරයා ලෙස අවසන් වරට රූපවාහිනියෙන් ජනතාව අමතමින් ප්‍රකාශ කර තිබෙන්නේ රටේ පැවැත්මට බලවත් තර්ජනයක් එල්ල වන භයානක සන්ධිස්ථානයකට රටේ ජනතාව පැමිණ සිටින බවයි.


අඛණ්ඩව සිදුවන මහජන විරෝධතා හේතුවෙන් සුඩාන අගමැති අබ්දෙල්ලා හම්ඩොක් සිය ධුයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

දිගින් දිගටම එල්ල වන විරෝධතා හමුවේ සිය බලය තවදුරටත් පවත්වාගෙන යාමට ඔහු අසමත් වී තිබේ.

හම්ඩොක්ගේ පාලනය බිඳවට්ටමින් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී හමුදා කුමන්ත්‍රණයක් සිදු වූ අතර කෙසේ නමුත් කුමන්ත්‍රණය සඳහා නායකත්වය ලබාදුන් හමුදා සාමාජිකයන් සහ අගමැතිවරයාගේ පාර්ශ්වය අතර ඇතිකර ගත් බලය හුවමාරු ගිවිසුමට අනුව නැවතත් හම්ඩොක් අගමැති තනතුරට පත් කෙරිණි.

කෙසේ නමුත් දිගින් දිගටම එරට වැසියන් හම්ඩොක් පාලනයට එරෙහිව විරෝධතා දියත් කළ අතර ඔවුන් ඉල්ලා සිටියේ තමන්ට ප්‍රජාතන්ත්‍රවාදය, සිවිල් අයිතිවාසිකම් ලබාදෙන ලෙසයි.

හමුදාව සම්බන්ධ වන පාලනයක් නොව සිවිල් පාලනයක් ස්ථාපිත කරන ලෙසද විරෝධතාකරුවන් ඉල්ලා සිටියේය.

විරෝධතාකරුවන් මර්දනය කිරීම සඳහා හමුදා සාමාජිකයන් කටයුතු කළ අතර ඒ හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත් විය.

හම්ඩෙක්ගේ ඉල්ලා අස්වීම හේතුවෙන් දැන් සම්පූර්ණ පාලන බලය හමුදාව සතු වී තිබෙනවා.

හම්ඩොක්, අගමැතිවරයා ලෙස අවසන් වරට රූපවාහිනියෙන් ජනතාව අමතමින් ප්‍රකාශ කර තිබෙන්නේ රටේ පැවැත්මට බලවත් තර්ජනයක් එල්ල වන භයානක සන්ධිස්ථානයකට රටේ ජනතාව පැමිණ සිටින බවයි.

UN for LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි