×

මහා බලවතුන් බාලිහි දී හමුවේ.

මෙම හමුවීම සිදුවන්නේ ඉතාමත්ම තීරණාත්මක මොහොතකය.


බාලි හි පැවැත්වෙන G20 සමුළුව අතරතුර ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් හා චීන ජනාධිපති ෂී ජින්පින් මුහුණට මුහුණ හමුවීමට සැලසුම් කර ඇති බව ධවල මන්දිර ප්‍රකාශිකා Karine Jean-Pierre ප්‍රකාශයක් නිකුත් කර නිවේදනය ඇත.


ජෝ බයිඩන් ඇමරිකානු ජනාධිපති වීමෙන් අනතුරුව ලෝක බලවතුන් දෙදෙනා මුහුණට හමුවන මුල්ම අවස්ථාව මෙය වන අතර, කොවිඩ් වසංගතය සහ චීන ජනාධිපතිවරයා විදේශ සංචාර කෙරෙහි ඇති අකමැත්ත ඔවුන් පෞද්ගලිකව හමුවීම වළක්වා ඇත.


චීනය සමඟ එක්සත් ජනපද සබඳතා දශක කිහිපයක් තිස්සේ අවම මට්ටමට ඇද වැටී ඇත, පසුගියදා සිදු වූ එක්සත් ජනපද සභා කථානායක නැන්සි පෙලෝසිගේ තායිවාන සංචාරයෙන් පසුව චීනය හා ඇමරිකා එක්සත් ජනපදය අතර හොඳ හිත පළුදු විය. මේ වන විට දෙපාර්ශවය දැවැන්ත ආයෝජන සහ වෙළඳ සබඳතාවක් ඇති නමුත් විශේෂයෙන් ආසියා පැසිෆික් කලාපයේ එකිනෙකාගේ මිලිටරි සහ රාජ්‍ය තාන්ත්‍රික බලපෑමට අභියෝග කරමින් සිටියි. ඒ අනුව මෙම හමුවීම සිදුවන්නේ ඉතාමත්ම තීරණාත්මක මොහොතකය.

මෙම හමුව තුළ දී වගකීමෙන් යුතුව තරඟකාරීත්වය කළමනාකරණය කර ගැනීම, තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා සාමයට සහ ස්ථාවරත්වයට තර්ජනයක් වන PRC [මහජන චීන සමූහාණ්ඩුවේ] ක්‍රියාකාරකම් මෙන්ම මානව හිමිකම් කඩකිරීම් හා උතුරු කොරියාවේ වේගවත් මිසයිල අත්හදාබැලීම් ආදිය හා කලාපීය වශයෙන් සහයෝගීතාවය පිළිබඳ මෙහිදී සාකච්ඡා වනු ඇති බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ.


කෙසේ නමුත් මේ පිළිබඳව ජෝ බයිඩන් ප්‍රකාශ කර තිබුණේ තමා තරඟයක් මිස ගැටුමක් අපේක්ෂා නොකරන බවයි. තායිවානය පිළිබඳව එක්සත් ජනපදයේ ස්ථාවරත්වයේ කිසිදු වෙනසක් නොමැති අතර ෂී ජින්පින් හමුවීමට පෙර එක්සත් ජනපද නායකයා උතුරු කොරියාවේ න්‍යෂ්ටික වැඩසටහන නැවැත්විය යුතු ආකාරය සාකච්ඡා කිරීම සඳහා කාම්බෝජයේ කලාපීය රැස්වීම්වලට සමගාමීව ජපාන අගමැති Fumio Kishida සහ දකුණු කොරියානු ජනාධිපති Yoon Suk-Yeol සමඟ සාකච්ඡා පවත්වන බව ද වාර්තා වේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි