×

මායාබන්ධකයන්ගේ සාපලත්, නමක් නැති නගරය

අසල්වැසි නගර වල සියල්ලෝම මෙම නගරයේ නම කීමට බිය වෙති .


සැගවුණු රහස් පිරි මායා බන්ධකයන්ගේ නගරය අපට හමුවන්නේ චිත්‍රපට වල ,වාර්ථා වැඩ සටහන් හෝ බොහෝ විට කාටූන් චිත්‍රපටවලය. නමුත් එවැනි නගර ගැන සැබෑ කථාද නැත්තේම නොවන බවට ප්‍රබල සාක්ෂි හමුවන රටකි ඉතාලිය. ඉතාලියේ දකුණු බැසිලිකානා කදුකර ප්‍රෙද්ශය ආසන්නයේ පිිහිටි නගරයකි. කොලබ්රාරෝව. අසල්වැසි නගරවල සියල්ලෝම මෙම නගරයේ නම කීමට බිය වෙති . ඒ නිසාම ඔවුන් එම නගරය හදුන්වන්නේ ‘‘අර නගරය “ “ මේ නගරය“ නැතිනම් “නමක් නැගි නගරය“ යනුවෙනි.

ඉතාලියේ බොහෝමයක් රටේ අවාසනාවන්තම නගරය බවට කොලබ්රාරෝව නම්කර ඇත. කොලබ්රාරෝව ට මෙම අවාසනාව උදා කළ අතීත පුරවෘතය රසවත් එකකි . 1940 වසරේදී කොලබ්රාරෝ නගරාධිපතිවරයා සිය ජනතාව අමතමින් සිටියේය. එහිදී ”මම සත්‍ය නොකියනවානම් මෙම වහලය කඩා ගෙන බිමට වැටෙන්න ඕනි..” යැයි යන්න ඔහුට ම නොදැනී ඔහුගේ කටින් පිට විය.ඔහුගේ එම ප්‍රකාශයත් සමග ඔහුට උඩින් වුණ වහලය කඩාගෙන ඔහුගේ හිසමත පතිත විය. එතැන් පටන් නගරය අද්භුත සාපයකට ලක් වූ බව කියමින් අවට නගර සියල්ලම කොලොබ්රාරෝ ව ප්‍රතික්ෂේප කරන්නට විය. එතැ පටන් තවමත් කොලොබ්රොව එහි නමින් හදුන්වන්නට අසල වාසී නගරවැසියන් අකමැති වූ අතර ඔවුහු එය විවිධ නම්වලින් හදුන්වන්නට පටන් ගත්හ.

නගරයට වාසනාව ගෙන දිය හැකැයි විශ්වාස කෙරෙන විවිධ පටබැදි නම් ඔවුන් ඒ සදහා භාවිතා කරන්නට ඔවුහු උත්සහා ගත්හ. මෙම වහලයේ මිත්‍යාවට අමතරව කොලොබ්රාරෝ ට අත්භූත සිදුවීම් එමටය ඒ බව කියන්නට තවත් විවිධ පුරාවෘත්ත එහි වාතාශ්‍රයේ, කදු අතර ගිගුම් දෙන බව එහි වැසියෝ විශ්වාස කරති. අද ද කොලොබ්රාරෝ මායාකරියන්ගේ හා මායා බන්ධකයින්ගේ නගරයකැයි සැලකෙන, විවිධ කථාන්දර සිදුවෙමින් පවතී. හදවත් දෙකක් සහ පෙනහළු 3 සමග බිළිදකු ඉපදීම, කාන්තාවක් දරුණු රය අනතරකට පත්වීම ආදී සිදුවීම් අතර වේ.

ඉතාලියේ දකුණු බැසිලිකානා කදුකර ප්‍රෙද්ශය ආසන්නයේ පිිහිටි නගරයකි. කොලබ්රාරෝව. අසල්වැසි නගරවල සියල්ලෝම මෙම නගරයේ නම කීමට බිය වෙති . ඒ නිසාම ඔවුන් එම නගරය හදුන්වන්නේ ‘‘අර නගරය “ “ මේ නගරය“ නැතිනම් “නමක් නැගි නගරය“ යනුවෙනි. ඉතාලියේ බොහෝමයක් රටේ අවාසනාවන්තම නගරය බවට කොලබ්රාරෝව නම්කර ඇත.

 “Coluber” ( විෂගෝර නාගයා නැත්නම් නොපෙනෙන යක්ෂයා) යන වචනය මුල් කරගනිමින් මෙහි මුල් නම නිර්මාණය වී ඇත. 1950 වසරේදී කාලබ්රෝව මාාකරයන් විසින් පාලනය කරන ලැදැයි සැලකේ. ඒ බව හැගවෙන කලා කෘති පමණක් නොව මෙම නගරය මායාකාරියන්ගේ ශාපයන්ට ලක්ව ඇතැයි කියන විශ්වාස සහ මායා බන්ධනයන්ට සාක්ෂි නගරය පුරා විසිර ඇතැයි ජනතාව සිතන නිසාම කොලොබ්රාරෝ මායා කාරී හා අවාසනාව ගෙන දෙන නගරයක් බවට තව දුරටත් සිතනනට සාකෂි සපයා ඇත.

එම සාක්ෂි නිසාවෙන්ම නගරය අවට නගරවල වැසියන් නගරයට නිකමට හෝ ඇතුළු වන්නට බොහෝ සෙයින් බිය වන අතර ඔවුන් සිතන්නේ නගරය දෙස බැලීමෙන්ද තමන් සාපයයට ලක්විය හැකි බවයි තමන් වෙසෙන මෙම නගගරය ට අත්වී ඇති ඉරණමෙන් නගරය මුදා ගන්නටත් තම නගරය වට වැසියන් සිතන තරමේ මායාවක්හෝ අත්භූතයක් නොවන බව ඔප්පු කරන්නටත් සිතා කොලොබ්රාරෝ විසියන් නගරයේ වීදි වල විශාල විදි ප්‍රදර්ශණයක් 2011 වසරේදී ආරම්භ කරන ලද අතර ඔවුන් එය අද නොකඩවා පවත්වමින් නගරය සංචාරක ආකර්ෂණීය නගරයක් බවට පත් කරන්නට උත්සහා කරමින් සිටී. ඒ සදහා ඔවුන් උපයෝගි කරගත් ක්‍රමය අපූරුය. විවිධ ස්වරූපයන්ගෙන් හැඩ ගැන්වූ මායාකාරී අත්භුත දේවල් තවදුරටත් ඔවුන් නගරය ප්‍රදර්ශනය කරන ලදී.

තමන් මායා කාරියන් ලෙස හැඩ ගැසුන මෙම අද්භත නගර වැසියෝ වැසියෝ නගරයේ තැන තැන සැරි සරමින් මෙතෙක් නෙතිබූ අත්භූත බවක් මෙම වීදි ප්‍රදර්ශනයේදී නගරයට එක් කරන ලදී. ඒ නිසාම දැන් කොලොබ්රාරෝ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම අත්භූත නගරයක් බවට පත් වී ඇත. නගර වැසියන් පවසන පරිදි තම නගරයට වට පිටාවේ නගර වැසියන්ගෙන් එල්ල වන දෝෂාරෝපණ වලට මෙය හොද විසදුමක් වනු ඇති බවය මන්ද අසල් වැසි නගර වැසියන්තම නගරය දෙස බලන්නට පවා අකමැති විම තමන්ට ඉතා කටුක අත් දැකීමක්වූ බව ඔවන් පවසා සිටී. අවට කිසිවකුගේ වාහනයක් අනතුරකට පත් වුවුත් එය තම නගරයේ ශාපයයැයි පිටස්තරයන් විශ්වාස කිරීම නගර වැසියන්ට කරදරයක් බව ඔවුන් පවසා සිටියි. අසල් වැසි නගරවල මෙම රැවුම් ගෙරවුම් නිසාම අද කොලොබ්රාරෝ තිබුණාටත් වඩා අත්භූත වී ඇත. කොලොබ්රාරෝ වැසියන් ද සිටියාටත් වඩා අත්භූත ස්වරූපයෙන් රගපාන්නට පටන්ගෙන ඇත. කෙසේ වෙතත් නගර වැසියන් පවසා සිටින්නේ අද වන විට මේ නිසාම තම නගරය ලොකයේ සංචාරක ආකර්ෂණය දිනාගෙන ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි